පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කළ චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද …

අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකදී පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලද චමින්ද ලක්ෂාන් නම් 41 හැවිරිදි දෙදරු පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදුකිරීමට නියමිතය.

ඒ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු දේවාලගම, නාරන්බැද්ද, හිරුවඩුන්න ප්‍රදේශයේදී අද සිදුකිරීමට නියමිත බව සඳහන්.

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් 19 වනදා මියගිය චමින්ද ලක්ෂාන්ගේ දේහය ඔහුගේ නිවසට ගෙන එනු ලැබුවේ පෙරේදා (21) රාත්‍රියේ ය.

එම අවසන් කටයුතු අවසාන වනතෙක් අදාළ ප්‍රදේශයට දැඩි ත්‍රිවිධ හමුදා ආරක්ෂාවක් යොදවා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...