රැඳවුම් බද්ද වැඩිකිරීම ගැන සමගි ජන බලවේගයේ විරෝධය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලියෙන් අයකෙරෙන රැඳවුම් බද්ද 10% දක්වා වැඩිකිරීම පිළිබඳව සමගි ජන බලවේගය විරෝධය පළකරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

“මොවුන්ගෙ තව මැතිවරණ පොරොන්දුවක් තමයි විශ්‍රාමිකයින්ට ස්ථාවර තැන්පතු සඳහා වැඩි පොලියක් ලබාදෙන්න කටයුතු කිරීම. හැබැයි දැන් ලැබුණු පොලියත් අඩුවෙලා. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වන පොලිය අඩුවෙලා විතරක් නෙවෙයි අද රැඳවුම් බද්ද 5% ඉඳන් 10% දක්වා වැඩිවෙලා. විශේෂයෙන්ම තමන්ට ඡන්දය දුන්නු විශ්‍රාමිකයා, මධ්‍යම පාන්තිකයා, රජයේ සේවකයා, පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වෙලා තමන්ට ලැබුණු පාරිතෝෂිකය මත ජීවත්වෙන විශාල පිරිසකගේ පොලියට 5% ක්වූ රැඳවුම් බද්ද 10%ක් කිරීම ඉතාම අසාධාරණයි. ගොඩක් අය ඉන්නෙ මාසෙකට රුපියල් 20,000 – 30,000ක් පොලිය ගන්න අය. ඉතින් ඒකෙන් 10%ක් රැඳවුම් බද්ද විදියට බැංකුවෙන් කපාගත්තාම අනිවාර්යයෙන් ඒ ජනතාවට ඒක ඉතාම අසාධාරණයක්. ඒක නැවත ක්ලේම් කරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යනවා කියන්නෙ තවත් 10%ක් – 15%ක් තමන්ගෙ සාක්කුවට තට්ටු වෙන එක විතරයි. ඒ නිසා අපි දන්නවා ඉතිහාසයේ ඔය රැඳවුම් බද්ද ආයෙ ගන්න පුළුවන් බද්දක් නෙවෙයි. ඒ රැඳවුම් බද්දෙන් යම් කොටසක් ගන්නවා නම් 1% – 2%ක් තමයි ඒ රැඳවුම් බද්ද ක්ලේම් කරලා ආයෙ අරගෙන තියෙන්නෙ. ඒ නිසා 10%ක රැඳවුම් බද්ද මාලිමාවට ඡන්දය දුන්නු අර්ධ නාගරික, නාගරික විශ්‍රාමික ජනතාවට දුන්නු අතුල් පහරක් විදියට තමයි අපි දකින්නෙ. ඒ නිසා අපේ විරෝධය පළකරනවා මේ රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා වැඩිකිරීම පිළිබඳව”

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 23) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...