*
Sunday, January 12, 2025
spot_img

Latest Posts

බිඟු වැලපීලා…මල් පරවීලා.. ප්‍රියේ ඔබ..මතකයි හැමදාම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ (LNW):

ප්‍රියා සූරියසේන ලෙස ජනප්‍රියවු ශ්‍රී ලාංකික ගායකයෙකි. සුවහසක් ශ්‍රී ලාංකික ගීත ලොලීන්ගේ හද බැදගත් ඔහු ඉතා කෙටිකලක් තුළ සංගීත ලෝකයට නැතිවම බැරි වූ ගායකයෙක් විය.

දෙස් විදෙස් ප්‍රසංග දහස් ගණනකට සහභාගී වී මෙරට පමණැක් නොව ලොවපුරා සංගීත හදවත් අමන්දානන්දයට පත් කළ ඒ ප්‍රිය හදවත් අද සියලු දෑ අතැර යන්නටම ගිහින්‍ ය.

මේ පාළු මාවතේ තනිවී බලා හිදී ….පෙරදා ලෙසින් හමුවේවිදෝ….

මිය යන විට ඒ මහතා 80 වැනි වියේ පසුවූ අතර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

රටකින් එහා ඉඟිළී තනිවෙන්න බෑ..සිතකින් නොවේ කිසිදා හැරයන්නෙ මා….

ප්‍රියදර්ශ සූරියසේන ලියනගේ නමින් ඔහු 1944 ඔක්තෝබර් 27 වැනි දින ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රදේශයේ උඩරට මධ්‍යම පාන්තික පවුලක උපත ලැබීය. 1978 දී ඔහු සංගීත ගුරුවරියක් වූ තමරා කුමාරි වීරසිංහ සමඟ විවාහ විය. මෙම යුවළට එක් පුතෙකු සහ දියණියන් තිදෙනෙකු සිටී.

පිය පුතු සුසං‍යෝගය

සූරියසේන මහතා 1971 දී කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ඒ සමගම වේදිකා ගායකයෙකු ලෙසද කටයුතු කළේය.

පසුගුයදා ඔහුව අගයමින් උපහාර උළෙලක්ද සංවිධානය කර තිබිණ.

සමූහ ගායකයෙකු ලෙස යොවුන් ගායනයෙන් බිහි වූ සූරියසේනයන් ඈත රන්විමන්, මට වාසනාආදරනීය නේරංජනා, හෙට දවසසුදු පරවි රෑන වැනි ජනප්‍රිය ගීත කිහිපයක්ම ගායනා කරමින් සිය දක්ෂතා පෙන්වීමට සමත් වී ඇත.

ඔහුගේ ප්‍රථම ගුවන් විදුලි ගීතය වන අඳුර අඳුර මගේ ගීතය පටිගත කෙරුණේ 1968 වසරේදීය. ලාල් තේනබදු, දිවංගත සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, සරත් ද අල්විස්, දිවංගත ක්ලැරන්ස් විජේවර්ධන සහ රංජිත් පෙරේරා යන ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරුන් ඔහුගේ ගීත සඳහා සංගීතය මෙහෙයවූහ. ආදරණිය නේරංජනාහෙට දවස, මට වාසනාසඳ මා ගවයිමගේ සමරුම් පොතේඑකම විදියේමෝහතක සුව දෙන, ගෙලවට බැන්ද වූ වැනි ගීත සඳහා සූරියසේන සංගීත අධ්‍යක්ෂණය කළේය . ඔහු ඇන්ටන් ජෝන්ස් විසින් ගායනා කරන ලද ශාන්ත අන්තෝනි වෙනුවෙන් කැප වූ සුප්‍රසිද්ධ ක්‍රිස්ටියන් බයිලා සංගීත ජනප්‍රිය ගීත ද රචනා කර ඇත.

දශක ගණනාවක් ඈතට දිවයන ප්‍රියාගේ ප්‍රිය මතකය ඔහුගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ සදා නොමැකෙන මතකයක් වේවි…..

හෙට දවසේ අප දෙදෙනා.. අද වාගෙම හමු විය යුතු වේ…

ඔබට සුබ ගමන් කලාකරුවාණෙනි!!!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan