TikTok සඳහා Donald Trump ගෙන් අවසරයක්!

Date:

කොළඹ LNW:ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙසට තේරී පත් වූ Donald Trump පසුගිය 22 වනදා ඇරිසෝනාහි පැවති සමුළුවකදී ප්‍රකාශ කළේ කෙටි වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok මෘදුකාංගය ඇමරිකාවේ යම් කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදීම කෙරෙහි තමාගේ කැමැත්තක් ඇති බවයි.

එහිදී Trump පවසා ඇත්තේ, තම රට තුළ ද tiktok වේදිකාව මත බිලියන ගණනක දර්ශන සහිතව ඉහළ ප්‍රතිචාර ලබා ඇති බැවින්, ඇතැම් විට අප එය තවත් යම් කාලයක් පවත්වා ගැනීමේ වටිනාකමක් ඇති බවයි.

TikTok මෘදුකාංගයේ මව් සමාගම වන ByteDance සමාගම විසින් දින 270 ක් තුළ, චීන නොවන සමාගමකට TikTok අලෙවි කළ යුතු බවත්, නොඑසේ නම් ඇමරිකාවේ එම මෘදුකාංගය තහනම් කෙරෙනු ඇති බවත් සඳහන් වන පනතක් පසුගිය අප්‍රේල් මාසයේදී එරට කොංග්‍රසය විසින් සම්මත කළ අතර ඊට ජනාධිපති Joe Biden මහතා ද අත්සන් තැබූ බව වාර්තා වුණා.

එමෙන්ම මෙම මස 16 වැනිදා, TikTok මෘදුකාංගයට එරෙහිව ඇමරිකානු රජයේ බලහත්කාරී විකුණුම් නියෝගය තාවකාලිකව අත්හිටුවන ලෙස ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හදිසි නියෝගයක් ද කර තිබූ බව සඳහන්. එම බලහත්කාරී විකිණීමේ නියෝගය ව්‍යවස්ථා විරෝධී ද යන්න පිළිබඳ කඩිනමින් සමාලෝචනය කරන බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 18 වන දා ප්‍රකාශ කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...