ප්‍රියා …!

Date:

නේරංජනා ගඟින් එතෙරවුණු අතීතය
කරඬුවක තියන් අපි කර ගැහුවෙ
නේරංජනා දිහා ආදරෙන් බලන්නට
ඔබේ කටහඬ තමයි මඟ කිව්වෙ

දොරපියන් හැරපියා දුර ඈත රන්විමනෙ
සුදු පරෙවි රෑන් අහසට බැස්සෙ
අතරමඟ මුණ ගැසුණු ලිහිණින්ට ඔබෙ හඬයි
මන්දාරමේ සිහිල් දිය ඉස්සෙ

අඳුර ඔව්, අඳුර මගෙ යැයි කියා කීවාට
මට වාසනා ගෙනෙන සැණකෙළියෙ
අඳුර, අඳුරුද නැති ද අඳුරගන්නම බැරිද
දමා යනු හැකි ද තනිකර එළියෙ

බිඟු වැළප, මල් පරව ඇති ලොවක ඔය හඬට
සරතැස නිවා දැමෙයි දිවිකතරෙ
ඔබ කියන එක ඇත්ත හිත හඬනු දැන දැනම
අතීතෙට යනු හැකි ද ඉබිගමනෙ

මෙ චංචල ලෝ සුවේ මොහොතකට විතරක්ද
හිතනවිට නිිවුණු හඬ මත්තෙ
කඳු මීදුමෙන් වැසුණු රටකින් එහා තැනක
සඳ තාරකා හඬන සද්දෙ

~ මංජුල වෙඩිවර්ධන

2024 පෙබරවාරි 23

(බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක් කෘතියෙනි)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි!

කොළඹ LNW:පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර...

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...