විරේන් සමඟ කාන්තා යුගල දෙකකුත් පිරිමි යුගලයකුත් නත්තල් දා අන්තිම අට දෙනාගේ වටයේ තරග වඳියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 25,(LNW)කොළඹ :

නේපාලයේ පැවත්වෙන ජාත්‍යන්තර විවාත බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ජාතික සූරයා වන විරේන් නෙත්තසිංහ මෙන්ම කාන්තා යුගල අංශයෙන් තරග වඳින ජනනුවනි අමන්දා සහ නිසලා බාලසූරියත්,හසිනි අම්බලව්ගොඩ සහ හසාරා විජේරත්නත් අර්ධ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබ අද තරග වැදීමට නියමිතය.එසේම පිරිමි යුගල අංශයෙන් තරග වඳින දිනුර රශ්මික සහ සියත් සේනාරත්න ද අර්ධ අවසන් පූර්ව වටයේ ක්‍රීඩා කිරීමට නියමිතය.


දිනුර සහ සියත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අභියෝගාත්මක සටනකට මුහුණ දෙමින් බංගලාදේශය නියෝජනය කරන මසුඩ් අහමඩ් සහ සද්කාත් රොබින් අස්ෆැක් පරාජය කරන්නට සමත් විය.එහි ලකුණු තත්ත්වය ලකුණු 23 – 21,14 – 21 සහ 21 – 17 ක් විය.


හසිනි සහ හසාරා අතින් පරාජයට පත් වූ නේපාල ක්‍රීඩිකා යුගලය වූ අමිතා ගිරි සහ රසිලා මහර්ජන් පරාජයට පත් වූයේ ලකුණු 21 – 11 සහ 21 – 17 ක් ලෙස ය.ජනනුවනි අමන්දා සහ නිසලි බාලසූරිය අතින් නේපාලයේ සෝවා ගවුචන් සහ ශෙහ්ස්නා සිර්පාලි පරාජයට පත් වූයේ ලකුණු 21 – 18 සහ 21 -14 ක් ලෙසය.


මෙම තරගාවලියේ වඩාත්ම බලපෑම් ඇති කරන ක්‍රීඩක ලැයිස්තුව ඉදරිපත් වී ඇත්තේ ඉන්දියානු බැඩ්මින්ටන් සංස්කෘතිය නියෝජනය කරමින්ය.විරේන් මේ වන විට මූලික තරග දෙකේදීම ඉන්දියානු ක්‍රීඩකයන් පරාජය කරන්නට සමත් විය.පළමු තරගයේදී ඉන්දියාවේ ප්‍රාජ්වායි සොනවාන් ලකුණු 21- 16 සහ 21 – 16 ක් ලෙස පරාජයට පත් කළ විරේන් දෙවන තරගයේදී ඉන්දියාවේ සමර්වීර් පරාජයට පත් කරන්නේ ලකුණු 21 – 16 සහ 21 – 18 ක් ලෙස ය.නැවත තෙවන තරගයේදී දී විරේන් මුණ ගැසීමට නියමිතව ඇත්තේ මෙයිර්බා ලුවන්ගා ය.ඔහු තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරීමවල දෙවන තැන පසු වන අතර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 61 වන තැන පසු වෙයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ නේපාල තරගාවලියේදී හසින් අම්බලන්ගොඩ සහ හසාරා විජේරත්න තරග වඳින ආකාරයකි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය