“නත්තල යනු ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව සිදුවූ උපත සමරන මොහොතයි” – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

0
192
Sri Lankan Catholic Archbishop of Colombo, Malcolm Ranjith, gestures as he speaks during a press conference in Colombo on April 30, 2019. - Sri Lanka's Catholic Church said public masses will resume May 5 under tight security, two weeks after Easter bombings claimed by the Islamic State group killed 253 people at three churches and three luxury hotels. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ (LNW):

සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළේ, යම් කිසි අයකුට පවතින ආර්ථික ක්‍රමවේදය ජනගත කෙරෙන නත්තල් ආකල්පයෙන් සතුටක් ගෙන ඒ නම් එය භාවිත කළාට කම් නොවන බවයි .

කාදිනල් හිමියෝ අවධාරණය කරන්නේ, තවත් අයෙකුගේ ජීවිතයට සතුට ගෙන දීමෙන් ලබන සතුට රුපියල් සතවලින් මැනිය නොහැකි බවයි. 

කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පණිවුඩය

“නත්තල යනු ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව සිදුවූ උපත සමරන මොහොතයි”

එම උපත පිළිබඳව ශුද්ධ වූ බයිබලයේ කතාවල විස්තර කථනයන් ලබා දීලා තියෙනවා. එහි පැහැදිලි කරනවා එම උපත ඉතාමත් පුදුමාකාර විදිහට සිදු වුණා කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ මව්පියන් එදා බෙත්ලෙහෙම් නුවරට පැමිණියේ සංගණයක් සඳහා. එසේ පැමිණි විට ඔවුන් සංක්‍රමණිකයන්ගේ තත්ත්වයට පත් වුණා. ඔවුන් ඉතාමත් සාමාන්‍ය සරල පවුලක වීම නිසා ඔවුන්ට ඒ තරම් ධනයක් තිබුණේ නැහැ. තැනක් සොයා ගෙන ගියා ඔවුන්ට නතර වෙන්න. නමුත් ඔවුන්ට එහෙම ස්ථානයක් හමු වුණේ නැහැ. ඒ නිසා ඒ අයට සිද්ධ වුණා ක්‍රිස්තුස් වහන්සේගේ දරු උපත සිදුවන්නට ඔන්න මෙන්න කියලා තිබියදී යම්කිසි ස්ථානයක් ඒ සඳහා සුදානම් කරන්න. ඒ නිසා තමා ඒ අයට සිද්ධ වුණේ අසල්වැසියකුගේ පිහිටෙන් අතහැර දමන ලද ගව මඩුවක් තෝරා ගන්න. මේ ගව මඩුව තුළ කිසිදු සූදානමක් නැතිව මේ දරු උපත සිදු වූ බව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වෙනවා.

දරුවා ඔතන්නට රෙදි කඩක්වත් නොතිබූ බව ත් සතපවන්නට ඇඳක්වත් නොතිබූ බව ත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා.ඉතාමත් දිළිඳු පරිසරයක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවන්නේ. නමුත් ඒ දිළිඳු පරිසරය තුළ යම්කිසි තෝරා ගැනීමක් තිබූ බව අපිට පැහැදිලිව පේනවා. ඒ තමයි උන් වහන්සේ ඒ ඉපදුණු පරිසරය ස්වභාවධර්මය තුළ මවන ලද පරිසරයක්. මනුෂ්‍ය දෑතින් හදන ලද පරිසරයක නොවේ උන් වහන්සේ බිහිවුණේ. ඒ සඳහා පළමුවෙන් ම සහභාගී වන්නේ ඉතාමත් දිළිඳු ගොපලුන් පිරිසක් බව සඳහන් වෙනවා.

මේ කතාවේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ක්‍රිස්තුස් වහන්සේ යම්කිසි තෝරා ගැනීමක් කළා කියන එක පැහැදිලිව ම පෙනෙන්නට තිබෙනවා. මේ ලෝකේ සම්පත් සැප සියල්ල ම අතහැරලා දාලා, ඒ සියල්ල වැඩක් නැහැ කියන තත්ත්වයෙන් එය සලකලා දෙවියන් වහන්සේගේ පණිවුඩයට අනුව සාමාන්‍ය පවුලක ඉතාමත් අසරණ පරිසරයක බිහි වීමට උන්වහන්සේ තීරණය කළ බව තමයි පැහැදිලි වන්නේ. ඒ නිසා මේ කතාව තුළ දෙවියන් වහන්සේගේ විශේෂ තෝරා ගැනීමක් ලෙස ජනතාවට ආදරය කරන බව පෙන්නුම් කරනවා.

ඒ නිසා අපි කියනවා කරුණාකරලා මේ ද්‍රව්‍යමය පෝසත්කම, ධනය, බලය පසුපස හඹා යන්න එපා කියලා. ශ්‍රී ලංකාව තුළ ජීවත්වන කතෝලිකයන්, ක්‍රිස්තු භක්තිකයන් හැටියට අපි විශේෂයෙන්ම අපේ සමාජයට මේ පණිවුඩය ඉදිරිපත් කළ යුතු යි. අපි නත්තලට තෝරා ගත යුත්තේ බෙලහීන අය සමග නත්තල ගත කිරීමයි. දිළින්දන් සමග නත්තල ගත කිරීමයි. නිහතමානීත්වය තුළ නත්තල ගත කිරීමයි. අසරණයන්ගේ චින්තනය තේරුම් අරගෙන ජීවත්වෙන්න පුරුදු වෙන්න කියන එක තමයි නත්තලේ සැබෑ පණිවුඩය. අසරණයන් පිළිගැනීම පිළිබඳ සංකල්පය ජීවමාන කරලා ක්‍රිස්තුස් වහන්සේව ඒ ගවලෙන ඇතුළේ තැන්පත් කරගන්න. එතකොට ඔබේ නත්තල කවදාවත් අමතක වෙන්නේ නැති සදාකාලික අත්දැකීමක් බවට පත් වෙනවා.

” ලැබුවා වූ නත්තල දේවාශීර්වාදයෙන් පිරුණු සෑම අතින්ම සතුට දනවන උත්සවයක් බවට පත් වේවා! ”