මෙරට සිටි විකිරණ තාක්ෂණවේදීන්ට මොකද වුණේ?

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ (LNW):

මේ වනවිට විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

දිවයින පුරා රෝහල්වල මෙය දක්නට ලැබෙන උග්‍ර ප්‍රශ්නයක් වී ඇති බව පැවසේ.

40%කට වැඩි නිලධාරීන් පිරිසකගේ හිඟයක් පවතින බව,ත්, උසස් ඩිප්ලෝමාධාරීන් 41 දෙනෙකු මේ වනවිටත් රැකියා අපේක්ෂිතව සිටින බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

පසුගිය රජය විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවා ගැනීම් සීමාකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවු බව චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළ අතර, මේ හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර හා පරීක්ෂණ කටයුතු සිදු කිරීම අපහසු වී ඇති බවයි.

දැනට සේවය කරනු ලබන්නේ විකිරණ තාක්ෂණවේදීන් 620 ක පිරිසක් වන අතර, 2024 වසරේ විකිරණ තාක්ෂණවේදීන් 80කට ආසන්න සංඛ්‍යාවක් විදේශගතවී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...