ලොව දරුණුතම සුනාමිය සිදුවී අදට වසර 20යි; අහිමි වූ ජිවිත සංඛ්‍යාව 227,898 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මානව ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයක් ලෙස ඉන්දියන් සාගරය අවට වෙරළබඩ ප්‍රදේශ විනාශ කළ සුනාමියෙන් දශක දෙකකට පෙර මියගිය 220,000 මිනිසුන් සිහිපත් කිරීම සඳහා ආසියාව පුරා සැමරුම් උත්සව සංවිධානය කර තිබේ.

2004 දෙසැම්බර් 26 වන දින උතුරු සුමාත්‍රා හි ඉන්දුනීසියාවේ අචේ පළාතේ බටහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ 9.2 සිට 9.3 දක්වා භූමිකම්පාවක් ඇති වූ අතර ඉන් අනතුරුව ඇති වූ සුනාමි ව්‍යසනයෙන් රටවල් 14ක් පුරා පුද්ගලයන් 227,898ක් මිය ගොස් හෝ අතුරුදන් වූ බවට ගණන් බලා ඇත.

ඉන්දුනීසියාව දැඩි ලෙස පීඩාවට පත් වූ අතර, ශ්‍රී ලංකාව සහ තායිලන්තයට පසුව, දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත් නගරයේ භූ කම්පනයේ කේන්ද්‍රස්ථානයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා විය.

ඉන්දුනීසියාව වැඩිම මරණ සංඛ්‍යාවකට ගොදුරු වූ අතර එහි බටහිර වෙරළ තීරයේ 160,000 කට වැඩි පිරිසක් මිය ගියහ. ශ්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව 35,000ක් වශයෙන් ගණන් බලා ඇති අතර තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 5,000 ඉක්මවිය.

මිට අමතරව සෝමාලියාවවේ 500ක් ද,මාලදිවයිනේ 100ක් ද, මැලේසියාවේ සහ මියන්මාරයේ ද මරණ වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...