ආනයනික සහල් රේගුවෙන් නිෂ්කාශනය ඇරඹේ!

Date:

කොළඹ LNW:නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිශ්කාශනය කරගැනීමේ කටයුතු හැකි බවයි රේගුව සඳහන් කරන්නේ.

රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට සෘජුවම සහල් ආනයනය කිරීම සඳහා දෙසැම්බර් මස 4වන දින සිට 20 වන දින දක්වා අවසර ලබා දි තිබු අතර එම කාළය තුළ සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අතර තවදුරටත් වෙළෙඳපොළ නිරීක්ෂණය කරමින් එම ආනයන සීමාව ජනවාරි 10 තෙක් කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

ඒ අනුව ‍මෙරටට ආනයනය කරන ලද සහල් යළිත් අද දිනයේ සිට නිශ්කාශනය කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.

මේ අතර සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...