සංචාරකයින් මිලියන දෙක ඉක්මවයි!

Date:

කොළඹ LNW:මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකන් ප්‍රමාණය මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97115ක් පැමිණ ඇති අතර එය දිනක සාමාන්‍ය 6474ක් ලෙස වාර්තා වෙයි.

දෙසම්බර් මස පැමිණ තිබෙන සංචාරකයින්ගෙන වැඩි පිරිසක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර එය 21174ක් ලෙස දැක්වෙයි.

එමෙන්ම රුසියාවෙන්, රාජධානියෙන්,ජර්මනියෙන් සහ ඔස්ට්‍ර්ලියාවෙන් ද විශාල සංචාරකන් ප්‍රමාණයක් පැමිණ තිබේ.

මෙම වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 2.1පිළිගැනීමට අපේක්ෂා කරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අතර එළඹෙන වසරේ සංචාරකයින් ප්‍රමාණය මිලියන තුන ඉක්මවා අපේක්ෂා කරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...