පාතාල සල්ලි පොලීසිය අතට යනවා – නීතිඥ සුනිල් වටගල

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ (LNW):

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට ගෙන ඇති ඇතැම් පියවර මාධ්‍ය ඉදිරියේ හෙළි කිරීමට නොහැකි බවත් , පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ වැටුප් ලබන පොලිස් නිලධාරීන් සිටින බවත්, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ඒ පිළිබඳ වැඩිදුරටටත් අදහස් දැක්වූ වටගල මහතා,

“පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම යට පඩි ගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. අපිට රුවන්වැල්ලේ මුළු පොලීසියම වගේ මාරු කරන්න සිද්ධ වුණා. බුද්ධි තොරතුරු අරගෙන. ඒ විතරක් නෙමෙයි අවිස්සාවේල්ලේ. මේ අය ජාලයක්. පාතාල සල්ලි පොලීසිය අතට යනවා. අපි පොලිස්පතිව ගෙනල්ලා සාකච්ඡා කළා. දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ.  අපි මේක ප්‍රශ්නයක් විදියට දකිනවා. අපි ගත්තු සියලුම ක්‍රියාමාර්ග මාධ්‍ය හරහා හෙළිකරන්න අමාරුයි. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දීලා තියෙන්නේ පොලිස්පති ඇතුළු කණ්ඩායමට.

අපි සියලුම පොලිස් නිලධාරීන්ට කියන්නේ මහජන වරමට ගරු කරන්න කියලා. ඊයේ පෙරේදා ආයෙත් පාතාල සිද්ධි ඉස්මතු වුණා. මේක ඇතුළේ පටු අවස්ථාවාදී දේශපාලනයත් තියෙනවා.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...