අපේ ආණ්ඩුව චිරාත් කාලයක් පවතිනවා. ඒක ස්ථිරයි, සහතිකයි – නියෝජ්‍ය ඇමති දිසානායක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කළ පළමු ආණ්ඩුව බවට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්වන්නේ යැයි ස්ථිර බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.

“විපක්ෂය දවසින් දවස ජනතාව තුළ බිය සැක සංකා ඇති කරමින් මේ ආණ්ඩුවේ ගමන පිළිබඳව යම් ආකාරයක දෙගිඩියාවක් හදන්න උත්සාහ කරනවා. ඔවුන් දවල් සිහින දකිමින් ආණ්ඩුව මාස හයක් යයි, ඊළඟ පෝයට වැටෙයි, මේ වගේ කතා කියමින් ජනතාව යම් ආකාරයක දෙගිඩියාවකට පත් කරන්න කල්පනා කරමින් ඉන්නවා. නමුත් අපි ජාතික ජන බලවේගය හැටියට මේ රටේ ජනතාවට කියනවා මේ රටේ ආර්ථික ස්ථාවරත්වය හදමින්, මේ රටේ ජීවත් වෙන ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් ජාතික ජන බලවේගයේ පාලනය චිරාත් කාලයක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කිසිම සැකයක් නෑ. ඒ නිසා ජනතාවට විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි, අපි කවුරුත් අපේක්ෂා සහගතව ඉදිරි කාලය ගත කරමු, මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරපු පළමු ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත්වෙනවා, ඒක ස්ථිරයි, සහතිකයි”

ගමගෙදර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 26) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...