වසන්ත සමරසිංහ දැන් පාවිච්චි කරන්නේ ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි ජීප් එකක් – චන්දිම

Date:

ගෝල්ෆේස් පිටියේ සුඛෝපභෝගී වාහන පෝලිමක් නවත්වා වාහන සංදර්ශනයක් පෙන්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා අද වනවිට පාවිච්චි කරන්නේ අධි සුඛෝපභෝගී ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

“මේ ආණ්ඩුව බලයට ආපු ගමන් වසන්ත සමරසිංහ මැතිතුමා මැදිහත් වෙලා, ජනාධිපති ලේකම් කාර්යාලයේ පාවිච්චි කරපු වාහන කියලා වාහන ගෙනල්ලා පෙන්නලා වාහන සංදර්ශනයක් පවත්වලා මේ වාහන ආයෙ පාවිච්චි කරන්නෑ, ඉන්ධන භාවිතය බොහොම අඩු වාහන තමා පාවිච්චි කරන්නෙ කියලා ලොකූ මුසාවාදයක් රටට ඉදිරිපත් කළා. දැන් මං අහන්න කැමතියි වසන්ත සමරසිංහ ඇමතිතුමා පාවිච්චි කරන වාහනේ මොකක්ද ? හරිනි අමරසූරිය අගමැතිතුමිය නම් ඩබල් කැබ් එකේ යනවා. වසන්ත සමරසිංහ ඇමතිතුමා අද රෙදි ඇඳගෙනද ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් පාවිච්චි කරන්නෙ ?”

චන්දිම ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වසන්ත සමරසිංහ මහතා භාවිතා කරන වාහනය කුමක්දැයි පසුගිය සතියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ද ප්‍රශ්න කෙරුණු අතර ඒ මහතා එහිදී තමන් ජීප් රථයක් භාවිතා කරන බව පැවසූ නමුත් නිශ්චිතව එහි වර්ගයක් පැවසුවේ නැත.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...