හර්තාල් කරන වෙලාවේ මඤ්ඤොක්කා ටිකක් හිටවාගන්න. තව මාස දෙකකින් සාගතය එනවා – සිංහල රාවය

0
4579

හර්තාල් කිරීම හෝ උද්ඝෝෂණය කිරීම මේ නායකයින්ට නොදැනෙන බවත් එය බීරි අලින්ට වීණා වාදනය කිරීම වැනි ඵල රහිත දෙයක් බවත් සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි.

“හර්තාල් කළාය කියලා උද්ඝෝෂණය කළාය කියලා මේ නායකයින්ට දැනෙන්නෑ, බීරි අලින්ට වීණා ගායනා කරනවා වගේ වැඩක්. ඉතින් අපි කියනවා හර්තාල් කරන අතරතුරදී පොහොර මළුවලට පස්ටිකක් දාලා මඤ්ඤොක්කා දඬු ටිකක් හිටවලා තියන්න. තව මාස දෙකක් යනකොට ඇතිවෙන ආහාර හිඟතාවයට පිළියමක් කරගන්න පුළුවන්, එක වේලක් කාලා හරි ජීවත් වෙන්න පුළුවන් ඒකෙන් කියන කාරණාව මතක් කරනවා. මේ රාජපක්ෂලාට රට කරන්න බැහැයි කියන එක තවදුරටත් ඔප්පු කරලා ඉවරයි”

අක්මීමන දයාරතන හිමි මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී සිංහල රාවය සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here