ඇන්ජලිනා ජොලී ගේ සය දරු කැදැල්ල!

Date:

සටහන: පුන්සරා ලියනගේ

2025 ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හොලිවුඩයේ සුපිරි තාරකාවක් වන ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට්ගේ දික්කසාදය පිළිබඳ ආන්දෝලනාත්මක පුවත දැන් හෙඩ් ලයින් එකක් වී හමාරය.

ඔවුන්ට දරුවන් සය දෙනෙකි. හොලිවුඩයේ සිහින හඹා යාමේ සිට පෞද්ගලික ජීවිතය වැලඳ ගැනීම දක්වා, ජොලී සහ පිට් ගේ දරුවන් තම දෙමාපියන්ගේ ප්‍රසිද්ධියට පත් මතභේදාත්මක තත්ත්වය සමඟ අරගල කරමින් සිටින්නට විය. ඔවුන් නමින් Maddox, Pax, Zahara, Shiloh සහ නිවුන් දරුවන් වන Knox සහ Vivienne වේ. ඔවුන් තමන්ගේ නමට එකතු වන “Pitt” කොටස පවා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ජොලී චිත්‍රපටයක රූගත කිරීම් සඳහා කාම්බෝජයේ කාලය ගත කිරීමෙන් පසු 2002 දී සිය පළමු දරුවා හදා වඩා ගත්තේ තම මව් සෙනෙහස ඔහුට ලබා දෙමිනි. දැන් 23 හැවිරිදි Maddox Jolie-Pitt
නම් ඔහු දකුණු කොරියාවේ විද්‍යාලයට ඇතුළත් ව වසර ගණනාවක් පුරා ඔහුගේ මවට සහ පියාට ඔවුන් වැඩ කළ විවිධ චිත්‍රපට ව්‍යාපෘති සඳහා ද උපකාර කර ඇත. මෑතකදී ආ ජොලීගේ චිත්‍රපටයක් වන මාරියා හි අධ්‍යක්ෂවරයාට ද ඔහු සහය වූවද, චිත්‍රපට ක්ෂේත්‍රයට ලොකු ඇල්මක් ඔහු තුළ නොතිබීය.

Pax Jolie-Pitt ඔවුන්ගේ දෙවන වැඩිමහල් දරුවා වන අතර, 2007 දී වියට්නාමයෙන් අවුරුදු තුන පසුකරමින් සිටින විටදී ඔහුව හදා වඩා ගැනීමට ගත් අතර 2008 වසරේ දී ඔහුව විධිමත් අයුරින් හදා වඩා ගන්නා ලදී. දැන් ඔහු 21 වන වියෙහි පසු වේ. ඔහුද බොහෝ දුරට චිත්‍රපට කලාවෙන් ඈත්ව සිටී. ඔහු 2016 වසරේ තිරගත වූ Kung Fu Panda 3 චිත්‍රපටයට පවා ඔහුගේ හඬ කැවීමේ දායකත්වය ලබා දී තිබේ.

19 හැවිරිදි Zahara Jolie-Pitt නම් ඔවුන්ගේ දියණිය 2005 දී ඉතියෝපියාවෙන් හදා වඩා ගැනීමට ගත් අතර ලොස් ඇන්ජලීස්හි පිහිටි අනාථ නිවාසයකට සහනාධාර ලබා දීම සඳහා ඇයගේම ස්වර්ණාභරණ නාමයක් දියත් කිරීම මෙන්ම ස්පෙල්මන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වෙමින් ඇය ඇගේම මාවතක් ඔස්සේ ගමන් ගත් අයෙකි.

ජොලී 2006 දී ඇගේ දියණිය වන Shiloh Jolie බිහි කළ අතර ඇයට මේ වනවිට 18 වසරකි. ඇය ද චිත්‍රපට ක්ෂේත්‍රයට එතරම් ඇල්මක් දක්වන බවක් නම් පෙනෙන්නට නැත. ඒ වෙනුවට, ඇගේ ආශාව නර්තනය සමඟ පවතින බව වාර්තා වේ.

ජොලීට දාව 2008 දී නොක්ස් සහ විවියන් යන නිවුන් දරුවන් ලැබුණ අතර, නොක්ස් බොහෝ දුරට කලාව කෙරෙහි අවධානයෙන් මිදී සිටින නමුත්, ඔහුගේ සහෝදරිය විවියන් වසර ගණනාවක් පුරා කලා ක්‍ෂේත්‍රයට වැඩි ඇල්මක් දක්වන බවක් පෙනෙන්නට විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...