ට්‍රම්ප්ගේ ලාස් වේගාස් හෝටලය අසල පිපිරීමක්. එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නෙවාඩා ලාස් වේගාස් හි තට්ටු 64 කින් සමන්විත හෝටලය ආසන්නයේ මෝටර් රථයක් පුපුරා යාම හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම මෝටර් රථය එලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමට අයත් වන අතර එය කොලරාඩෝ ප්‍රදේශයෙන් කුලියට ගෙන තිබුණු එකකි. එහි රියදුරු වහනය හෝටලය ඉදිරිපිට වීදුරු දොරටුවක් අසල නවතා දුම් පානය කිරීමට පටන් ගැනීමෙන් අනතුරුව එය පුපුරා ගොස් ඇත.

මෝටර් රථය ඉන්දන වලින් පුරවා තිබී ඇති අතර ගින්නට හසුවීම හේතුවෙන් එහි රියදුරු මියගොස් ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර ජනාධිපති ජෝ බයිඩන් මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, ධවල මන්දිරය මෙම සිදුවීම ලුහුබඳිමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...