ගාසාහි සාගිනි අර්බුදය:ගාසා ජනතාවගෙන් 91%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයක!

Date:

කොළඹ LNW:ඊශ්‍රායල් – පලස්තීන ගැටුම හේතුවෙන් ගාසාහි දැවැන්ත සාගිනි අර්බුදයක් මතුව තිබෙන බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල සාගතය වලක්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ගෝලීය ආහාර සුරක්ෂිතතා විශේෂඥයින් ඉල්ලා සිටියද ඊශ්‍රායලයේ දැඩි මතධාරී පිළිවෙත හේතුවෙන් ගාසා තීරයට මානුෂික ආධාර යැවීම දැඩි දුෂ්කර තත්ත්වයකට පත්ව තිබේ.

තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව සගත තත්ත්වය ගැන කරුණු දැක්වීමට පත්කර තිබුණු කමිටුව ප්‍රකාශ කර තිබුණේ ගාසා තීරයේ මිලියන 1.95 ක ජනතාවගෙන් සියයට 91 ක් පමණ “උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට” මුහුණ දෙන බවයි.

සාගතයට මුහුණ දෙන ඇස්තමේන්තුගත පුද්ගලයන් 345,000ක් ඇතුළත් බව ද එම කමිටුව කියාසිටියි.
එක්සත් ජාතීන්ගේ ආහාර ඒජන්සිය පවසන්නේ ගාසා තීරයේ වගා බිම්වලින් සියයට 68ක්, කෘෂිකාර්මික ළිංවලින් සියයට 52ක් සහ හරිතාගාර ප්‍රදේශවලින් සියයට 44ක් පමණ විනාශ වී ඇති බවයි.

ගාසා තීරයේ ධීවර යාත්‍රාවලින්ද සියයට 70ක් පමණ විනාශ වී ඇති බව සඳහන්. මේ අතර එහි ගවයන්ගෙන් සියයට 95ක් පමණ මිය ගොස් ඇත.

මේ වන විට ලොව දරුණුතම මානුෂීය ඛේදවාචකයට මුහුණ දී සිටින පලස්තීනයේ උතුරු ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් පුද්ගලයින් 45300කට අධික පිරිසක් මියගොස් ඇති අතර 107,764කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...