ඇමති නලින්දගෙන් කතරගම බස්නායක නිළමේට ඇමතුමක් ….

Date:

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා රුහුණු මහා කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාට පෙරේදා (ජනවාරි 05) පෙරවරුවේ දුරකථනයෙන් අමතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කතරගම දේවාලයේ පරිත්‍යාගයක් වශයෙන් මොනරාගල රෝහලේ ඉදිකිරීමට නියමිත වාට්ටුව සංකීර්ණය කඩිනමින් ඉදිකර දෙන ලෙස අමාත්‍යවරයා බස්නායක නිළමේවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට බස්නායක නිළමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා එකඟ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම එම දුරකථන සංවාදයේදී පසුගිය දිනක මහරගම අපේක්ෂා රෝහලේ නව ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය විවෘත කරන අවස්ථාවේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකළ ප්‍රකාශය ද සිහිපත් කර ඇති ඩිෂාන් ගුණසේකර මහතා අදාළ ප්‍රකාශය අමාත්‍යවරයා විසින් කතරගම දෙවියන්ට හෝ දේවාලයට අපහාස කිරීමේ චේතනාවක් ඇතිව සිදුකරන ලද්දකැයි තමන් කිසිසේත්ම නොසිතන බවත් පවසා ඇති බව ආරංචිමාර්ග පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම්, නවීකරණය කිරීම්, නව ඉදිකිරීම් යනාදිය ජාතික සැලැස්මකට අනුව සිදුවිය යුතුය යන්නට තමන් ද එකඟ බව පවසා ඇති නිළමේවරයා ඒ අනුව ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ප්‍රකාශය තමන් ද අනුමත කරන්නේ යැයි පවසා ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...