ආනයන තහනම ඉවත් වෙද්දී වාහන මිලට මොනවා වෙයිද ? – මහබැංකු අධිපතිගේ නිර්දේශය මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වාහන ආනයනය කිරීමේදී අනුගමන කළ යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තම නිර්දේශය පිළිබඳ පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සිදු කළේය.

“අපි විශ්ලේෂණයක් කරලා තිබුණා 2024 මැයි – ජුනි මාසයේ ඉඳලා. ඒ වෙලාවේ අවශ්‍යතාවයක් තිබුණා. වාහන අවුරුදු 05ක් තිස්සේ අපි අලුතින් ගෙන්න ඉඩදීලා නැහැ. ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය යහපත් අතට පත්වෙන්න යනකොට රටට අලුතින් වාහන අවශ්‍යයි. මගේ නිර්දේශය තමයි තියෙන වාහන වෙළෙඳපොළේ වටිනාකම ඒ මට්ටමේ තියාගනිමින් වාහනය අලුත් කරන්න ඕනේ නම් අලුත්කරන කෙනා යම් වැඩිපුර මුදලක් ගෙවලා වාහනය අලුත්කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ.”

මීට කලින් තිබුණ විනිමය අනුපාතයයි දැන් තියෙන විනිමය අනුපාතයයි ගත්විට විනිමය අනුපාත සෑහෙන දුරට වෙනස්වීමක් වෙලා තියෙනවා. ඊට අමතරව වැට් එක 18%ක් අලුතින් එකතුවෙලා තියෙනවා. එතකොට ඒ දෙක එකතු වුණාම වෙළෙඳපොළේ අවුරුදු පහක් පරණ වාහනයක් මිලියන 05ක් නම් අලුත් වාහනයක් ගෙන්න ඉඩදුන්නොත් සියලුම පරණ වාහනවල වටිනාකම නැතිවෙලා ගිහිල්ලා අන්තිමට අනවශ්‍ය විදිහට අලුතින් වාහන විශාල ප්‍රමාණයක් මේ රටට ගාල එන්න පටන් ගන්නවා. එහෙම නොවෙන්න මේක බැලන්ස් කරගෙන කරන්න ඕනේ. අත්‍යවශ්‍ය නම් පමණක් වැඩිපුර මුදලක් ගෙවලා වාහනය අලුත් කරන්න අවස්ථාව තියෙන්න ඕනේ”

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 06) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...