පසුගිය වර්ෂයන්ගේ මෙන් විවිධ ජාතික සහ ජාත්‍යන්තර තත්වයන් හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වූ නමුත් විභාගය අවසන් කළ සිසුන්ට සිදුවූ ප්‍රමාදයන් මගහරවාගෙන වඩාත් ඉක්මනින් උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට අවකාශය ලබාදෙමින් NSBM හරිත සරසවියේ 2025 ජනවාරි කණ්ඩායම සඳහා ලියාපදිංචිය මේ වනවිට ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම නව කණ්ඩායම සඳහා NSBM හරිත සරසවිය මඟින් පිරිනමන දේශීය උපාධි මෙන්ම ලොව පිළිගත් විදෙස් විශ්වවිද්‍යාල වන එංගලන්තයේ ප්ලිමත් විශ්වවිද්‍යාලය (University of Plymouth, UK) සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලය (Victoria University, Australia) හා අනුබද්ධව පිරිනමන උපාධි සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වේ.
එසේම පසුගිය වසර කිහිපය තුළ කුමන වාතාවරණ මධ්‍යයේ වුවද සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා NSBM හරිත සරසවිය සතු අත්දැකීම පෙරදැරි කරගනිමින් මෙම නව කණ්ඩායමේ කටයුතු ද කිසිදු ප්‍රමාදයකින් තොරව පවත්වා නියමිත කාල රාමුව තුළ උපාධි අවසන් කිරීමට විශ්වවිද්‍යාලය දැනටමත් සැලසුම් කර ඇත.
මෙම 2025 ජනවාරි නව කණ්ඩායම සඳහා NSBMහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු, විද්‍යා සහ නීති පීඨ යටතේ ක්‍රියාත්මක වන උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමයි. ඒ අනුව උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන්ට ව්‍යාපාර කළමනාකරණ, පරිගණක, ඉංජිනේරු, ජෛව විද්‍යා, මනෝ විද්‍යා, හෙද, ඖෂදවේදය, නීතිය, අභ්‍යන්තර සැලසුම්කරණ, ප්‍රමාණ සමීක්ෂණ, බහු මාධ්‍ය වැනි විෂය ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදෙන උපාධි පාඨමාලා අතරින් වඩාත් සුදුසු උපාධිය තෝරාගත හැක.
වැඩි විස්තර සඳහා 011 544 5000 අමතන්න හෝ 071 244 5000 ට WhatsApp පණිවිඩයක් යොමුකරන්න.