ජනාධිපති මාධ්‍ය අංශයේ කෝටි 16ක භාණ්ඩ අතුරුදන් වීමක් ගැන විමර්ශනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති මාධ්‍ය අංශයෙහි තිබූ රුපියල් මිලියන 162ක් වටිනා භාණ්ඩ පසුගිය කාලයේ අතුරුදන් වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (ජනවාරි 08) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර භාණ්ඩ භාරගත් අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අතුරුදන්ව ඇති භාණ්ඩ මොනවාද යන්න සොයාබලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් දැනුම් දී ඇත.

ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය නියෝග කර ඇත්තේ මෙම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් විමර්ශන සඳහා නියෝග අවශ්‍ය නම් මෝසමක් හරහා ඉල්ලා සිටින ලෙසත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...