ජනාධිපති මාධ්‍ය අංශයේ කෝටි 16ක භාණ්ඩ අතුරුදන් වීමක් ගැන විමර්ශනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති මාධ්‍ය අංශයෙහි තිබූ රුපියල් මිලියන 162ක් වටිනා භාණ්ඩ පසුගිය කාලයේ අතුරුදන් වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (ජනවාරි 08) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර භාණ්ඩ භාරගත් අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අතුරුදන්ව ඇති භාණ්ඩ මොනවාද යන්න සොයාබලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් දැනුම් දී ඇත.

ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය නියෝග කර ඇත්තේ මෙම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් විමර්ශන සඳහා නියෝග අවශ්‍ය නම් මෝසමක් හරහා ඉල්ලා සිටින ලෙසත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: අත්අඩංගුවට ගෙන සිටින හිටපු...

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...