මේක දැන් උතුරු කොරියාව වගේ – දයාසිරි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරයා රටේ නීතිපතිවරයාව කැඳවා ඇතැම් නඩු ගැන කතා කරන තත්වයක් යටතේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට අත්වන ඉරණම කුමක්ද යන්න ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

“නීතිපතිතුමාව කැඳවලා අනුර දිසානායක ජනාධිපතිතුමා. එතකොට මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව ගෙන්නලා ජනාධිපතිතුමාට කතා කරන්න පුළුවන් නම් මේ නඩුවලට මොනවද වෙලා තියෙන්නෙ, මේවාට නඩු පවරන්න කියලා, මම දන්නෙ නෑ මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය, මේවාට අත්වෙන ඉරණම මොකක්ද කියලා. අලුත් චක්‍රලේඛයක් ගහලා තියෙනවා ජනාධිපති ලේකම්වරයා විසින් මේ ඇමතිවරුන්ට විදේශ තානාපති කෙනෙක් හම්බවෙන්න බෑ. අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන අමාත්‍යාංශවලට, ආණ්ඩුකාර ලේකම්වරුන්ට ඔක්කොටම ගහලා තියෙනවා අමාත්‍යවරු කිසිම රැස්වීමකට සම්බන්ධ වෙන්න බෑ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයක් නැතිව. මේක උතුරු කොරියාව වගේ දැන්”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 08) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...