පළමු තේරීම නවම් මහට

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 09 ,(LNW)කොළඹ :

මේ වර්ෂයේ පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය, දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ ලෝක සහාය දිවීමේ ශූරතා ඉලක්ක කර පැවැත්වෙන පළමු තේරීම් තරඟය 2025 පෙබරවරි 08 සහ 09 යන දිනයන්හී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැලසුම් කර ඇත.


මේ සඳහා අයදුම්පත් 2025 ජනවාරි මස 03 දින සිට ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මගින් නිකුත් කෙරෙන අතර, 2025 ජනවාරි මස 28 අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය වේ.

එසේම මේ වර්ෂයේ පැවත්වීමට නියමිත දේශිය ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලවල් සම්බන්ධයෙන් වන කාල සටහන ද මලල ක්‍රීඩා සංගමය නිකුත් කර ඇති අතර එය ද මේ සමග ඡායාරූප ලෙස ඇතුළත් කර ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...