දවසින් දෙකෙන් විදුලිබිල අඩු කරනවා කියලා අපි කොහෙවත් කියලා නැහැ – විදුලිබල හා බලශක්ති ඇමති

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (09) දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියා සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ පරිදි විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට වසර තුනක් පමණ ගත වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

විදුලිබිල අඩු කරන එක තමා අපේ අරමුණ. දවසින් දෙකෙන් අඩු කරනවා කියලා අපි කොහෙවත් කියලා නැහැ. අපි අවුරුදු තුනක් ඇතුළත කරන්න යන්නේ. විශේෂයෙන්ම පසුගිය පාලනයන් විසින් කරන දුෂිත සහ අක්‍රමවත් පාලනයන්වල ප්‍රතිඵල ජනතාවට විඳින්න වෙලා තියෙනවා.

විදුලිබල මණ්ඩලය මිලියන 332ක ණයකින් පෙළෙනවා. අවුරුදු විස්සකට වැඩි මිලට විදුලිය ගන්න ගිවිසුම් ගහලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලයෙන් මූලික ගණනය කිරීම ලැබුණේ, සියයට 37ක් වැඩි කරන්න. අපි එහෙම තියෙන කොට තමා අපි මේ වගේ සියයට එකයි දශම ගාණට හරි ගෙනල්ලා තියෙන්නේ.

අපි කියලා තියෙන්නේ, අවුරුදු තුනක් ඇතුළත විදුලි බිල අඩු කරනවා කියලා. ඊට කලින් අඩු කරන්න අපිට අනිවාර්ය වුවමනාවක් තියෙනවා. ඒකට අවශ්‍ය සැලැසුම් සහ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මේක හොඳින් තිබිච්ච තැනක් නෙවෙයි.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී Flexiprint රිදී සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ලොව වඩාත්ම විචිත්‍රවත්...

ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ නගර කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින්...