ජනාධිපති මාධ්‍ය අංශය අභියාචනාධිකරණ විනිසුරන් නැවත මහාධිකරණයට ඩිමෝට් කරයි ?

Date:

ජනාධිපති මාධ්‍ය අංශය අද (ජනවාරි 09) දිනයේදී “මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති” මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.

එහි දැක්වුණේ නීතීඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතීඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවකි.

එසේවෙතත් මේ දෙදෙනාම මේ දක්වා මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ අය වන අතර අද සිදුවුණේ ඔවුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වශයෙන් දිවුරුම් දීමය.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය ජනාධිපතිවරයා කරන්නේ කුමක්ද යන්නවත් නොදැන ඔහේ නිකුත් කරන්නන් වාලේ මාධ්‍ය නිවේදන නිකුත් කරන තැනට පහළ වැටී ඇති බව පෙනේ.

එසේත් නොමැති නම් ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන් අභියාචනාධිකරණය සහ මහාධිකරණය වෙන්ව නොහඳුනන්නන් විය යුතුය.

ප.ලි.

මෙම පුවත සම්බන්ධ නිවැරදි කිරීමක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පසුව එවා තිබිණි.

කෙසේවෙතත් මේ නිවැරදි කළ නිවේදනයෙහි පවා දැක්වෙන්නේ කේ. එම්. එස්. දිසානායක සහ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් නිකම්ම නීතීඥවරුන් වශයෙනි. ඔවුන් මහේස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් දශක දෙකකට වැඩි කාලයක් අධිකරණ පද්ධතිය තුළ කටයුතු කළ අය මිස අභියාචනාධිකරණ තනතුරු සඳහා පිටතින් පත් කළ අය නොවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ – මාලිමා මන්ත්‍රී චමින්ද

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්...

ටයිටැනික් නෞකාවේ කුඩා මගී ඔරලෝසුවක් පවුම් මිලියනයකට මිල නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටයිටැනික් නෞකාවේ...

නැඟී එන ආසියානු තරු අතරට කටාර් හී දී එක්වන ශ්‍රී ලංකා තරු

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ඒ කණ්ඩායම...

පකිස්තානයේ බෝම්බ ලංකාවේ ක්‍රිකට්වලට අටවන්න හදන දේශපාලනය

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: බෝම්බ පිපිරීම නිසා මේ...