Yoon Suk Yeol ට ජනාධිපතිධුරය අහිමි වෙයිද?

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol , ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග නඩුව විභාග කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව පිළිගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පවසන අතර
මෙම තීන්දුව ලබා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය සමඟ රටේ ඉහළම අධිකරණ දෙකෙන් එකක් වන අතර එම අධිකරණයේ තීන්දු අභියාචනා කළ නොහැකි බව වාර්තා වේ. එබැවින්, දකුණු කොරියානු නායකයාට තම ජනපති ධූරය අහිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


මෙය බලයේ සිටින ජනාධිපතිවරයෙකු සඳහා අධිකරණයක් කළ පළමු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවවන අතර, තම නඩුව වෙනුවෙන් පෞද්ගලිකව පෙනී සිටීමට කැමැත්තෙන් සිටින බවත් ජනපතිවරයා පවසා ඇති බව සඳහන් වේ. දෙසැම්බර් 3 වන දින ඔහුගේ යුද නීති යෝජනාව සමඟ දකුණු කොරියාවේ කැරැල්ලක් ඇතිවූ අතර, ජනපතිවරයාට පක්ෂව සහ විපක්ෂව තවදුරටත් ජනතාව පෙළ ගැසෙමින් සිටී. ඔහුගේ නීතීඥවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මේ නිසා අධිකරණ තීන්දුවට හිස නමමින් ධූරයෙන් ඉවත් නොවුනහොත් රටපුටා තවත් විශාල කැරැල්ලක් ඇති වෙතැයි ජනපති සිතන බැවින් මෙලෙස, අධිකරණ තීන්දුව පිළිගෙන ධූරය අත්හැරීමට කැමැත්ත පළ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...