සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයේදී සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රයල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර තිබුනද ඔහු පෝලන්තයේදී අත්අඩංගුවට නොගන්නා බව පෝලන්ත රජය සඳහන් කර තිබේ.
මෙම හදිසි නිවේදනය නිකුත්කර තිබුණේ, මෙම මස අගදී අවුෂ්විට්ස්-බර්කෙනෝ ගාල් කඳවුර මුදා ගැනීමේ 80 වැනි සංවත්සරය සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරීන්ට නිදහසේ පෝලන්තයට බාධාවකින් තොරව පැමිණීම තහවුරු කිරීම වෙනුවෙනි.
පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක්ගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන නිවේදනයක සඳහන් වුයේ, පෝලන්ත රජය 2025 ජනවාරි 27 වන දින සැමරුම් සඳහා ඊශ්‍රායලයේ නායකයින්ගේ ආරක්ෂිත සහභාගීත්වය සලකනු ලබන්නේ, තුන්වන රයික් විසින් සිදු කරන ලද සමූලඝාතනයට ගොදුරු වූ මිලියන සංඛ්‍යාත දියණියන් සහ පුතුන් යුදෙව් ජාතියට උපහාර දැක්වීමේ කොටසක් ලෙස බවයි.
පසුගිය 2024 වසරේ නොවැම්බරයේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අගමැති සහ ඔහුගේ හිටපු ආරක්ෂක ඇමති Yoav Gallant මෙන්ම Hamas කමාන්ඩර් Ibrahim a-Masri, නොහොත් Mohammed Deif, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලද නමුදු ජාත්‍යන්තර අපරාධ අධිකරණයයේ සාමාජික රටක් නොවන ඊශ්‍රායලය මෙහිදී සඳහන් කර තිබුණේ, ඊශ්‍රායලය 2023 ඔක්තෝම්බර් 7 වන දින හමාස් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් අවුලුවන ලද ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කර ඇති බව පවසමින් නෙතන්යාහු සහ ගැලන්ට් සඳහා වූ වරෙන්තු හෙළා දකින බවයි.
කෙසේ නමුත් , ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC)යේ සාමාජිකත්වය දරන ඕනෑම රටකදී නෙතන්යාහු අත්අඩංගුවට ගත හැකිය.