අරක්කු සිගරට් මිල වැඩිවීම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ජීවිතය විඳින්න වැඩපිළිවෙලක් අපි හදලා තියෙන්නෙ – මාලිමා සුරවීර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මත්පැන් සහ දුම්වැටි මිල වැඩිවීම දැවෙන ප්‍රශ්නයක් නොවන බවත් විශේෂයෙන්ම කාන්තාවන් ඊට කැමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

යමෙක් මත්පැන්, දුම්වැටි භාවිතයෙන් ද සොයන්නේ විනෝදයක් බව පැවසූ ඒ මහතා ඒ වෙනුවට ජනතාවට ජීවිතය විඳීම සඳහා වෙනත් වැඩපිළිවෙලක් ඉදිරියේදී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.

“ඇදගෙන නෑවේ ඒගොල්ලො. ඒක රටේ ජනතාව දන්නවා. මඩ අවලාද ගහන්න අපි අවස්ථාව දීලා තියෙනවා, ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒක ඒගොල්ලොන්ගෙ වැඩේ. අපේ වැඩේ තමයි මේ රට හදන එක.

විවිධාකාරයෙන් කෙනෙක් සිගරට් එකක් බීලා විනෝද වෙනවා, තව කෙනෙක් අරක්කු ටිකක් බීලා විනෝද වෙනවා. එතකොට ඇත්තටම දැවෙන ප්‍රශ්නයක් නෙවෙයිනෙ අරක්කු මිල වැඩිවීම, සිගරට් මිල වැඩිවීම. ඇත්තටම කාන්තා පාර්ශ්වය ගත්තොත් එහෙම ඕකට වැඩියෙන්ම කැමතිවෙන පිරිස තමයි කාන්තා පාර්ශ්වය. අපි කොහොමත් ජීවිතය විඳින්න වැඩපිළිවෙලක් එක්ක තමයි ක්‍රියාවලියට අතගහලා තියෙන්නෙ”

දේවානන්ද සුරවීර මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා විසින් සුරාබදු වැඩිකිරීම හේතුවෙන් මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ (12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...