*
Wednesday, January 15, 2025
spot_img

Latest Posts

මහියංගනේ දුලි පොලවේ පිපී දිදුලන නෙලුම් කැකුළු…

ලන්ඩන් – ශ්‍රී ලංකා නෙළුම් යාය පදනම හා සමාජ සත්කාරක වැඩසටහන මෙවර මහියංගනයට

2025 වසරේ දුරුතු පොහෝදා(13) අපි නව වසරේ ආරම්භක වැඩසටහන දියත් කරමින් නෙළුම් යාය පදනම සමාජ සත්කාරක වැඩසටහන හා Finnland Holdings සමූහ ව්‍යාපාරය අරමුදල් දරමින් මහියංගන අධ්‍යාපන කලාපයේ දුෂ්කරම පාසල් 10ක අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට 50 දෙනෙකු වෙනුවෙන් පාසල් සපත්තු, පාසල් බෑග් හා පාසල් උපකරණ කට්ටල රැගෙන ගියෙමු.

මෙවර වැඩසටහන ‘සුවති දරුවන්’ නිර්මාතෘ ප්‍රියන්ත බණ්ඩාර විදුහල්පතිතුමා සංවිධානය කළ අතර අප මෙම වැඩසටහන ලබන සතිය තුළ පාසල් දරුවන් 1000ක් දක්වා ඉදිරියට ගෙනයාම අපේක්ෂා කරමු.

වසර හතරක් පුරා අප මෙවැනි වැඩසටහන් දියත් කරමින් ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය අපේක්ෂා කරන අතර දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලංකාව පුරා මෙය රැගෙන යාමට කැප වන්නෙමු.අනේක දුක් කම්කටොලු මැද තම අධ්‍යාපන කටයුතු කරගෙන යන මෙම දරුවන්ගේ එම දුෂ්කරතා මොහොතකට හෝ මගහරවා ගැනීමට නෙලුම් යාය පදනමේ අපි හැකි සෑම මොහොතකම උත්සාහ දරන්නෙමු.

ඉදින්, ඔවුනට සරණක් වන්නට හිතැති ඔබට ද [email protected] මඟින් අප හා අත්වැල් පවුරු බැඳිය හැක.
එවිට ඔවුන්ගේ සතුටු මුහුණු අපට මෙන්ම ඔබට ද දැකිය හැකිවනු ඇත.

අද මෙන්ම හෙටත් අපි ඔවුනට දෝතපුරා ආදරය අරන් යන්නෙමු. !

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan