හෝමාගම බලකොටුවේදීත් මාලිමාවට පරාජයක් !

Date:

හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

ජනවාරි 12 වනදා හෝමාගම ආසන්නයේ ඡන්ද මධ්‍යස්ථාන 58කදී මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

එහිදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමට දිනාගැනීමට හැකිවී ඇත්තේ සභික ධුර 45ක් පමණක් වන අතර සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම සභික ධුර 55ක් දිනාගෙන ඇති බව සඳහන්.

මෙම සමූපකාර නිලවරණයේදීත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම ජාතික මැතිවරණයකදී මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්‍රිකා බෙදමින්, ගෙන්ගෙට යමින් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් ඔවුන් පරාජයට පත්වීම මෙහි ඇති විශේෂත්වයයි.

එසේම පසුගිය මහමැතිවරණයේදී හෝමාගම ආසනය ජාජබ ජයග්‍රහණය කර තිබුණේ 75.04%ක තරම් ඉහළ ප්‍රතිශතයක් ලබාගනිමින් වීම ද සැලකිල්ලට ගත යුතු කරුණකි.

මීට පෙර කැළණිය, අඟුණකොළපැලැස්ස සහ වැලිවිටිය දිවිතුර සමූපකාර නිලවරණවලින් ද ජාජබ පරාජයට පත්ව තිබුණු බව වාර්තා වී තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...