ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන්යානා කුලියට ගැනීම් ක්‍රියාවලිය තෙමසකට කල් දැමීමට සූදානම් වෙයි?

Date:

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් 2022-2025 අතර කාලය සඳහා ගුවන්යානා 21 ක් කුලියට ගැනීම සම්බන්ධව ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල්දමන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම සමාගමට ඊයේ (25) නිර්දේශ කර ඇ​ත.

ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබද සමාලෝචනය කරන ලෙසත් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේද යන්න සොයාබලන ලෙසත් සංචාරක අමාත්‍යාංශයේ සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් නිසි පරිදි සකස් කිරීම සහ අදාළ ප්‍රසම්පාදනය කැබිනට් අමාත්‍යවරයා හරහා කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත්කර කැබිනට් තීරණයක් ලෙස සිදු කරන ලෙසත් කෝප් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය.

ගුවන්යානාවල සේවා කාලය අවසන්වන විට ඒ සදහා ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම ගුවන් සේවය පවත්වාගෙන යාම සදහා අතවශ්‍ය කාරණයක් බව පිළිගන්නා නමුත් රටේ වත්මන් ආර්ථික අර්බුදකාරි තත්ත්වය හමුවේ ඒ පිළිබදවත් වඩා අවධානයක් යොමු කරමින් අදාළ අවශ්‍යතා සපුරා ගැනීම වැදගත් බව කමිටුව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා කුලියට ගැනීම සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ සාකච්ඡාව හේතුවෙන් ඇතිවූ යෝජනාවක් මත ඊයේ දින ( 25) කෝප් කමිටුව හමුවට එම ආයතනය කැදවා තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැනට පවතින ගුවන් යානා 24 න් කිහිපයක් ඉදිරි කාලය තුළ අඩුවන බවත් ගුවන් යානා ලබාගැනීම ක්‍ෂණිකව කළ නොහැකි නිසා මෙම ක්‍රියාවලියට යම් කාලයක් ගතවන බැවින් නිසි පරිදි එම කටයුතු අරඹා දැන්වීම් පළ කළ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් පෙන්වා දුන්හ. මේ අනුව අදාළ වෙළද‍පළ තත්ත්වය සලකාබලා මෙම ක්‍රියාවලිය සදහා මාස 6 – 12 අතර කාලයක් ගතවන බවත් වඩාත් විනිවිදභාවයකින් යුතුව අමාත්‍යාංශය හරහා මෙම කටයුතු සිදු කරන බවත් පතිරගේ මහතා පැවසීය.

එසේම රටේ කළමනාකාරීත්වය පිළිබදව ඉහල පරිචයක් ඇති වෘත්තිකයන් පිරිසක් එක්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉහළ තත්ත්වකට ගෙන ඒමට දරන උත්සහය අගය කරන බවද කෝප් කමිටු සාමාජිකයෝ මෙහිදී පැවසූහ. පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ විශාල සේවක කප්පාදුවක්ද සිදු කර සේවක වැටුප් අඩු කිරීමටද සිදු වූ බව පෙන්වා දුන් ගුවන් සමාගමේ සභාපතිවරයා සිය සේවක මඩුල්ල ආයතනයේ අභිවෘද්ධිය සදහා දක්වන දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...