බොරිස් ජොන්සන්ගේ ඉන්දිය සංචාරයයේදී විස්කි කර්මාන්තය ඇතුලු නව ආයෝජන අවස්ථා පිළිබද සාකච්ඡා

Date:

ස්කොට්ලන්තයේ නිෂ්පාදිත ලෝක ප්‍රසිද්ධ විස්කි කර්මාන්තයට ඉන්දියාව තුල ඉහළ ඉල්ලුමක් පවති.ආනයනික මත්පැන් සඳහා 150% ක තීරුබදු පැනවීම නිසා ඉන්දියාවේ අලෙවි කරන සෑම ස්කොච් බෝතලයක් සඳහාම විශාල මිලක් පවති.

දැනට ඉන්දියාවේ භාවිත විස්කි වලින් බහුතරයක් හදන්නේ සිය රට තුලමයි. මෙනිසා ඉන්දියාව තුල ස්කොච් විස්කි වෙළඳපොලෙන් 2% ක් පමණක් භාවිතා වේ.නොවැම්බර් මාසය වන විට ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය බව පසුගියදා දෙදින නිලං සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසන්නට වූයේ මේ අතර තුරයි.ස්කොච් විස්කි සංගමය පවසන්නේ ඉන්දියාව තීරුබදු ඉවත් කලහොත් වසර පහක් තුළ සිය අපනයන ආදායම පවුම් බිලියන 1 කින් ඉහළ යා හැකි බවයි.ඉන්දියාව සාමාන්‍යයෙන් ආනයනික නිෂ්පාදන සඳහා ඉතා ඉහළ වෙළඳ බාධක යොදයි.

එය තීරුබදු, කෝටා හෝ ආයෝජන සීමා කිරීම් දක්වා දිවයයි.මෙම වසර ආරම්භයේදී, එක්සත් රාජධානිය සහ ඉන්දියාව 2022 අවසානය වන විට වෙළඳ ගනුදෙනුවක් ලබා ගැනීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කරතිබේ. එහි තුන්වන වටය එළඹේන සතියේ ආරම්භ වේ.එක්සත් රාජධානියේ වෙළඳ ලේකම් Anne-Marie Trevelyan පවසන්නේ මෙවැනි ගනුදෙනුවක් 2035 වන විට ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර මුළු වෙළඳාම දෙගුණ කිරීමට වඩා “ස්වර්ණමය අවස්ථාවක්” වනු ඇති බවත් එය පවුම් බිලියන 28 ක පමණ වැඩිවීමක් වනු ඇති බවත්ය.ඕස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෑතකදී ඉන්දියාව සමඟ ගිවිසුම් ඇති කර ගෙන ඇති නිසා නව ආයෝජන බලාපොරොත්තු ඉහළ යමින් තිබේ.

ඖෂධ වැනි ඉන්දියානු නිෂ්පාදන තම බ්‍රිතන්‍ය වෙළඳපොළට ඇතුළු කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වේ.තවද ඉන්දියානු ශ්‍රමිකයින්ට වීසා ලබා දෙන ලෙස ඉල්ලීම් කරයි.බ්‍රිතාන්‍ය පශ්චාත්-බ්‍රෙක්සිට් කාලය තුල සංක්‍රමණ පාලන තන්ත්‍රය යටතේ, පසුගිය වසරේ ඉන්දියානුවන් 60,000 කට වැඩි පිරිසකට පුහුණු සේවක වීසා බලපත්‍ර ලැබී ඇති අතර එය එරට සිටින මුළු සංඛ්‍යාවෙන් පහෙන් දෙකක් පමණ වේ.

මෑත සතිවල රුසියාව සම්බන්ධයෙන් අගමැති මෝදිගේ ස්ථාවරය සැලකිල්ලට ගෙන , ඉන්දියාව යුක්රේනය සම්බන්ධයෙන් නොබැඳි ප්‍රතිපත්තියක් ප්‍රකාශ කර ඇත .

OUTBOUNDTODAY SAHAN HEWAGAMAGE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...