සිමෙන්ති මිල තවත් බහින හැඩ!

කොළඹ LNW:සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇති අතර සෙස් බද්ද ඔස්සේ ලැබෙන ආදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යි හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර එමඟින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා තිබේ.

පසුගිය ආර්ථික කඩා වැටීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ ඉතා විශාල ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය පවත්වාගෙන යාමේ දැඩි අර්බුදයකට මුහුණ දෙන ලදී.

කෙසේවෙතත් මේ වන විට ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින් පසුබිම තුළ නැවත එම ක්ෂේත්‍රයේ නැගීමක් තිබෙන අතර සිමෙන්ති මිල තවදුරටත් පහත වැටීම ඉදිකිරීම් කර්මාන්තයට පිටුවහලක් වනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරු සහ විපක්ෂ නායක අතර විශේෂ සාකච්ජාවක්!

කොළඹ LNW:උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර...

බලයට එනකොට කියපුවා දැන් කෝ – නාමල් රජයෙන් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාසල් උපකරණවලට, සෞඛ්‍යට, අත්‍යවශ්‍ය...

‘අකුරු කියන කතා’ඇසින් අල්ලා ගැනීම

ජෙෆ්‍රි බාවා අවකාශය 'අකුරු කියන කතා' නරඹන්නට ඔබට ආරාධනා...