සජබ – එජාප සාකච්ඡා ආරම්භ කිරීමට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (ජනවාරි 16) පස්වරුවේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී රැස්ව තිබුණු අතර එහිදී මෙම අනුමැතිය හිමිවූ බවයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ.

“ඒ සම්බන්ධව සාකච්ඡා ආරම්භ කරන්න පක්ෂය තීන්දු කළා. අපි රට වටේ යද්දී ජනතාව අපෙන් ඉල්ලීමක් කළා මේ පක්ෂ දෙක එක්කහු වෙනවා නම් හොඳයි කියලා. අපේ කළමනාකරණ කමිටුවේ තීන්දුවක් ගත්තා සාකච්ඡා ආරම්භ කරන්න, ඒ වගේම ඒකට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඒකට අනුමැතිය ලැබුණා. ඉදිරියේදී අපි කෙටි දින කිහිපයකින් ඒ සාකච්ඡා ආරම්භ කරනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ රනිල් මහත්තයා ළඟටම ගිහිල්ලා හම්බවෙලා කතා කරනවාද ?

“නෑ, අපි පොදු ස්ථානයක හම්බවෙලා සාකච්ඡා කරනවා. එහෙමනෙ සාකච්ඡා යන්නෙ …”

ප්‍රශ්නය – දැන් කෝටා එක බෙදෙන්නෙ කොහොමද එතකොට ?

“සාකච්ඡා කරලා ඉවර වෙලා තමයි ඒවා කතා කරන්න ඕනෙ”

ප්‍රශ්නය – ඇත්තටම රනිල් මහත්තයා නම්‍යශීලී වෙයිද ඔය සාකච්ඡාවලට ?

“ඕනෙ දේශපාලන නායකයෙක් තමන්ගෙ පාක්ෂිකයින්, ජනතාව කියන දේට ඇහුම්කන් දෙන්න ඕනෙ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය”

ප්‍රශ්නය – දැන් අලියා ලාංඡනය ඉස්සර කරගෙනද යන්න හදන්නෙ ?

“නෑ, අපි එහෙම තවම කිසිම තීන්දුවක් අරන් නෑ. මං හිතන්නෙ අලියාටත් දැන් දුරකථනය පාවිච්චි කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නෙ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...