විශිෂ්ට ආගන්තුක සත්කාර පිරි ශ්‍රී ලංකාවේ සංචාරයට චීන සංචාරකයන්ට ජනපති අනුරගෙන් ආරාධනා!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ (LNW):

අද (ජන. 17) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි මහතා හමුවී තිබේ.

සිය ඓතිහාසික සංස්කෘතික උරුමය රැකගනිමින් සංවර්ධනයෙහි අරුණැල්ලෙන් පිබිදෙන සිචුවාන් පළාතේ චන්දු නගරය චීනයේ සතුටින් ම සිටින ජනතාව ජීවත්වන නගරයක් ලෙස ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ.

මෙම හමුවේ දී, ආර්ථික සංවර්ධනය අතින් ද සෑමවිට ම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන් ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කර ගනිමින් නව තලයකට ඔසවා තැබීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව පැවසේ.

බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිචුවාන් පළාත ලබා ඇති ජයග්‍රහණය ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගන්නා ලෙස මෙහිදී පළාත් ලේකම්වරයා වෙත ආරාධනා කළ ජනාධිපතිවරයා මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බව ත් විනිවිදභාවයෙන් යුත් පාලනය තුළ රට තුළ ආයෝජන සඳහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ත් පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාව පසුවන්නේ දේශපාලනයේ හැරවුම් ස්ථානයක බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක්ව තුනෙන් දෙකක බලයක් ලබා දෙමින් වත්මන් රජය බලයට පත් කර ගත් බව ත් එම ජන වරම තුළ ජනතාව තැබු අපේක්ෂා උපරිමයෙන් ඉටු කිරීමට රජය කැපවී සිටින බව ත් සඳහන් කළේය.

චීන සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව හොඳ ගමනාන්තයක් බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිචුවාන් ජනතාවට ආරාධනා කරන බව ද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...