ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං සහ ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා

ඇමරිකානු ජනාධිපති ලෙස නැවත තේරී පත්වූ ට්‍රම්ප් මහතාට ෂී ජින්පිං මහතා එහිදී සුබ පැතුම් එක් කළ බවයි වාර්තා වන්නේ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නව සේවා කාලය තුළ චීන-ඇමරිකා සබඳතාවයට යහපත් ආරම්භයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා පවසා තිබෙනවා.

ප්‍රධාන රටවල් දෙකක් වන චීනය සහ ඇමරිකාව සිය සිහින හඹා යමින් දෙරටේ ජනතාවට යහපත් ජීවිතයක් උදාකර දීමට කැපවී සිටින බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නා. චීනය හා ඇමරිකාවේ ජාතික ක්‍රමවේදයන් අතර වෙනස්කම් දක්නට ඇති බැවින් මතභේද තිබීම වැළැක්විය නොහැකියි. තායිවාන ප්‍රදේශය පිළිබඳ ගැටළුව චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය පිළිබඳ කරුණකි. එය නිසි අයුරින් අවබෝධ කරගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා

ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පිළිබඳව ඩොනල්ඩ් ට්‍ර්ම්ප් මහතා එම සංවාදයේ දී ස්තුතිය පළ කළ බවයි වාර්තා වන්නේ. දිගුකාලීන සුහදශීලී සබඳතා පැවතිය යුතු බවත් පොදු ප්‍රයත්න යටතේ ලෝක සාමය ආරක්ෂා කළ යුතු බවත් ඔහු පවසා තිබෙනවා.

එසේ ම, රාජ්‍ය නායකයන් දෙදෙනා යුක්රේන අර්බුදය, පලස්තීන-ඊශ්‍රායල ගැටුම් ඇතුළු පොදු අවධානයට ලක්වූ ජාත්‍යන්තර හා කලාපීය ගැටළු සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කළ බවයි සඳහන් වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...