මනුෂ අත්අඩංගුවට ගන්න සාධාරණ හේතුවක් නෑ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි

Date:

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කළ හැකි කරුණු කිසිවක් විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන් බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා විසින් අපේක්ෂිත ඇප අයදුම් කරමින් කොළඹ මහේස්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ ඉල්ලීම සලකා බලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවට කැදවා තිබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දුන් බව සඳහන් වේ.

ඊ 8 වීසා කාණ්ඩය යටතේ දකුණු කෙරියාවේ රැකියා අවස්ථා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙට දිනයේදී ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවද හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ දැනුම් දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...