බුවනෙක සහ හෝමර් මෙන්ම මධුක සහ අනුරංගි ශ්‍රේණිගත කිරීම්වල ස්වභාවය වෙනස් කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 22,(LNW)කොළඹ :

ජාතික බැඩිමින්ටන් තරග 2025 ට අරඹමින් වවුනියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීරණයේ පැවති උතුරු පළාත් බැඩ්මින්ටන් සූරතාවලියේ දී,තරගාවලියට අදාළව කර තිබූ ශ්‍රේණිගත කිරීම්වලට අනුව විවෘත අංශයේ බොහෝ ජයග්‍රහණ තීරණය වුණා.ඉන් බැහැරව ජයග්‍රහණ වාර්තා වුණේ පිරමි යුගල අංශයේදී සහ මිශ්‍ර යුගල අංශයේදී පමණයි.


පිරිමි යුගල අංශයේදී සූරතාවය දිනා ගන්නට සමත් වුණේ මේ වන විට ශ්‍රේණිගත කිරීම්වල ඉදීරයේ නැතත්,ජාතික සූරතාවය පවා දිනා සිටි ක්‍රීඩකයෙකු වන බුවනෙක ගුණතිලක,ඩෙවින් ජේසන් හෝමර් සමඟයි.මිශ්‍ර යුගල තරග අංශයේදී ද ශ්‍රේණිගත කිරිම්වල මුල් ස්ථානයක් හිමිව නොසිටි මධුක දුලාංජන සහ අනුරංගී හංසමාලි මාස්කෝරාල සූරතාවය දිනා ගන්නට සමත් වුණා.එහෙත් මධුක පිරිමි යුගල අංශයේ සූරතාවයට යාමට නොහැකි වුව ද,මේ තරගාවලියේ දී අංක එකේ ස්ථානයට ලහිරු මධුශාන් වීරසිංහ සමඟ පත්ව සිටියා.
පිරිමි කේවල අංශයේදී සූරතාවය දිනා ගනු ලැබුවේ ජාතික අනු සූරයා වුණු සහ මේ තරගාවලියේ අංක එකට ශ්‍රේණිගතව සිටි සෙනුක් සමරරත්නයි.කාන්තා සූරතාවයේදී ද නෙත්මි අමායා රත්නායක තරගාවලියේ පළමු වැන්නිය ලෙස ශ්‍රේණිගත කිරීම සුරක්ෂිත කර ගන්නට සමත් වුණා.මේ වන විට දැඩි අවධානයක් දිනා සිටින,මතු බලාපොරොත්තු සපිරි කාන්තා යුගලයක් වන ඉසුරි අත්තනායක සහ සිතුම් ද සිල්වා මේ තරගාවලියේ කාන්තා යුගල අංශයේ දී තමන්ට ශ්‍රේණිගත කිරීම්වල හිමිව තිබූ පළමු තැන රැක ගනිමින් සූරියන් වන්නට සමත් වුණා.


විවිධ වයස් කාණ්ඩවලින් කණිටු සහ දෙටු දෙ‘අංශවලදී දැක් වූ දක්ෂතා අනුව ජයග්‍රහණ හිමි වූ අයුරු පහත සඳහන් සබැඳියෙන් දැක ගැනීමට හැකියාව තිබෙනවා.
https://bit.ly/40piTAK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...