ඖෂධ වෙළෙඳපොළේ ඒකාධිකාරය අපි බින්දා!

Date:

කොළඹ LNW:ඖෂධ සැපුයම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම මගින් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකිවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පවසයි.

පසුගිය කාලයේ ඇතැම් ඖෂධ සැපයීම සඳහා ලියාපදිංචි වී සිටියේ එක් සැපයුම්කරුවෙකු පමණක්වීම හේතුවෙන් වෙළෙඳපොළ ඒකාධිකාරීයක් පැවතීමෙන් එම ඖෂධ ඉහළ මිලකට මිලදී ගැනීමට රජයට සිදු වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව එක් සැපයුම්කරුවෙකු පමණක් සිටින ඖෂධ සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම කඩිනමින් සිදු කළ බවත් ලියාපදිංචිය ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඖෂධ සැපයුම්කරුවන් 2800 ක පමණ ලිපි ලේඛන පරීක්ෂාව කඩිනම් කළ බවද විජයමුණි මහතා කියාසිටියි.

එම සියලු සැපයුම්කරුවන් සුදුසුකම් පරීක්ෂාවෙන් අනතුරුව ලබන මාර්තු මාසයට පෙර ලියාපදිංචි කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...