ට්‍රම්ප් එක පෑන්පාරින් ඇඬෙන්නම දෙයි…..?

Date:

අශෝක ජයතුංග

ජනවාරි 23 වොෂින්ටන් LNW :


🍎 ඇමෙරිකානු සංක්‍රමණ නීති හා ආර්ථික කටයුතු කණපිට ගහන දැලිපිහි කරණම…..?
🍎මෙක්සිකෝ බෝඩරයට හදිසි තත්වයක්……?
🍎CBP – 01 ඇප් එක ඝාතනයවීම……?
🍎ඇමෙරිකාවේ ඉපදුනත් මින්පසු පුරවැසිකමට අභියෝග.
🍎ඇමෙරිකාවටත් වාතයක් වූ දකුණේ එවුන්……?

ට්‍රම්ප් දැඩි ඇමෙරිකන් වාදියෙකි. Only American ඔහු එළිපිට නොකියන යටි හිතේ පවතින පදනමය. දෙවන වතාවට දිවුරුම් දුන් විගස අලුත් වැඩ 300 කට එකපෑන් පහරින් ඇඩෙන්නම දුන් බවට වාර්තා පළවෙයි.

ඇමෙරිකාවට උතුරින් ඇති කැනඩාව ඔහුට ප්‍රශ්නයක් නොවේ. එරට හැකිතාක් ඇමෙරිකාවට සමීප කරගන්නට ඔහු ක්‍රියා කරයි. ඇමෙරිකාවේ 51වන ප්‍රාන්තය වන්නට අප සුදානම් නැතැයි ඇමෙරිකාවේ සිටින කැනඩා වැසියන් ට්‍රම්ප් ට එරෙහිව උද්ගෝෂණ කරති. දකුණේ එවුන් ලංකාවේ මෙන්ම ලෝකය තුළ ද වාතයකි. ඇමෙරිකාවට දකුණින් පිහිටි මෙක්සිකෝ දේශසීමාවට තාප්පයක් බැදීම ට්‍රම්ප්ගේ සිහිනයකි. සමහර තැන්වල තාප්පයේ වැඩ කෙරීගෙන ගියද බයිඩන් ලා හා ඔබාමා ගේ ඩිමොක්‍රටික් ආණ්ඩු ඒ ගැන දැගලුවේ නැත.

ට්‍රම්ප් පත්වීමත් සමඟ තාප්පෙ ගැන හා නව නීති රැසකට අතගසා තිබේ.මැක්සිකෝව පිහිටා ඇති ඇමෙරිකාවේ දකුණු දේශසීමාවේ තම විධායක බලය යොදා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. එහි ටෙක්සාස් වැනි ස්ථාන වල සිට පැය 02 – 03 කින් මෙක්සිකෝවට යා හැක. දේශසීමා ආරක්ෂකයින් ට අමතරව ඇමෙරිකන් හමුදාව ඊට යොදවීමට ට්‍රම්ප් උත්සාහ දරයි.

අමෙරිකානු ජනගහනය කෝටි 33 කි. හොරෙන් පැනපු හා විවිධ රටවලින් පැමිණ හිල් වලින් රිංගූ අය කෝටි 02 කි. මෙම තත්වයට වැට බැදීම මෙහි අරමුණ බව පැවසේ. CBP – 01 යන ඇප් එක වහාම අත්හිටවා තිබේ. එනම් මෙක්සිකෝවේ සිට ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටිය හැක්කේ එම ඇප් එකෙනි. තවද Title – 42 යන පදනම ඇතිකල විට සංක්‍රමණිකයන් කොටු කිරීම පහසු බව ට්‍රම්ප් රජයේ මතය වේ. තවද යම් ක්‍රමයකින් ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ දැනට ඉල්ලා ඇත්නම් එම කටයුතු සම්පූර්ණ වනතෙක් මෙක්සිකෝවේම රැදී සිටිය යුතු බවට නව තත්වයක් ද ගෙන ඒමට හදයි. බයිඩන් ඔබාමා ඩිමොක්‍රටික් ආණ්ඩු සංක්‍රමණිකයන්ට දැක්වූ ලිහිල් බව ට්‍රම්ප්ගේ නැත. ටුම්ප් ලා හෙවත් රිපබ්ලිකන්ලා කවදත් බලය දරන ටෙක්සාස් වැනි රතු ප්‍රාන්ත වලය. ටෙක්සාස් වලදී හමුවන සංක්‍රමණිකයන් චිකාගෝ නිව්යෝර්ක් වැනි නිල් බලය සහිත ඩිමොක්‍රටික් බලය සහිත තැන්වල කදවුරු වලට යැවේ. වොෂින්ටන් එරට අග නගරය නිසා පිටස්තර කුණු තම හදවතට ඇතුල් කර නොගැනීමට සියලු දෙනා භේදයෙන් තොරව ක්‍රියා කිරීම විශේෂත්වයකි.

ට්‍රම්ප් ඊලගට වැඩේ දෙන්න හදනුයේ Birth right citizanship එකට ය. එනම් ඇමෙරිකාවේ ඉපදින සියලු අය පුරවැසියන් බව එරට ව්‍යවස්ථාවේ 14 වැන්නේ සඳහන් කරුණට ගේම දීම අලුත්ම උත්සාහය වේ. පිටරට වලින් රැකියා හා සංචාරක මෙන්ම ශිෂ්‍ය වීසා හරහා පැමිණෙන අය මෙම අවස්ථාව අවභාවිතා කරමින් ඇමෙරිකාවේදී දරුවන් ප්‍රසූත කරනුයේ පුරවැසිකම ලබා ගැනීමටය යන්න ට්‍රම්ප් රජයේ තර්කය වේ. ඔබාමා මෙම අවස්ථාව වඩාත් තහවුරු කරන “ඩාකා” යන පසුබිම ඇතිකර තිබුණ ද ට්‍රම්ප් ඊට එකඟ නැත. ඇමෙරිකාවේ ඉපදෙන දරුවෙකු එරට පුරවැසියෙකුවීමට නම් මව්පියන්ගෙන් එක් අයෙක් හෝ එරට පුරවැසියෙක් හෝ ග්රීන් කාඩ් ලැබූවෙකු විය යුකු බව පනවන්නට යන නවනීති වලින් කියවේ. එම නීති කැපිටල් හිල් වල කොංග්‍රස් හා සෙනෙට් වලදී 2 / 3 කින් හා ඇමෙරිකානු ප්‍රන්ත 50 න් 3 / 4 ක් අනුමත කල යුතුව තිබේ. තවද ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ රළු ප්‍රතිචාර ට්‍රම්ප්ගේ කටයුතු පහසු නොකරන බව ඒකාන්තය. ට්‍රම්ප් අතගසන එකී නව සංක්‍රමණ නීති හා චීනය හා ලෝකයේ සෙසු රටවල් සමඟ ඇති කරන නව ආර්ථික උපායන් හා සංක්‍රමණ නීති ට්‍රම්ප් ට හා ඇමෙරිකාවට ආශීර්වාදයක් ද දැලි පිහිය උඩ ගහන කරණමක් දැයි කීමට තවම කල් මදිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...