සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 23,(LNW)කොළඹ :
දියගම දී එම ක්‍රීඩා පරිශ්‍රය සම්බන්ධයෙන් වැදගත් කරුණු ගණනාවක් මාධ්‍යයට ඉදිරිපත් කළ ක්‍රීඩා අමාත්‍යවරයා කලක් එහි පාලනය භාරව සිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනම ගැන ද,ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බව ද කීවේය.එම උණුසුම මැකෙන්නත් පෙර ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අරුණ බණ්ඩාර එම පදනමේ සාමාජිකයෙක් වන අසංග සෙනවිරත්න ශ්‍රී ලංකා රගර් පරිපාලනය සඳහා වන අතුරු කමිටුවට පත් කර ඇත.ඔහුත්,නලින් ද සිල්වා සහ ඩිල්රෝයි ප්‍රනාන්දුත් මේ අතුරු කමිටුවේ සාමාජිකයෝය.
ඩිල්රෝයි ප්‍රනාන්දු අසංග සෙනවිරත්න සභාපති පදවිය දැරූ සමයේම එම පරිපාලනය විිසින් රගර් හී කටයුතුවලට සම්බන්ධ වීම ඔහුගේ ව්‍යාපාර ස්වභාවය අනුව නුසුදුසු බව දන්වා ඇති අයෙකු නිසා එහිදී අසංගම ඒ බව පැවසීම සුදුසු වන්නේය.
නලීන් සහ අසංග ලංකාවේ රගර් ව්‍යාප්තියට සහ සංවර්ධන ගැටළුවලට බල පෑ විදේශිකයන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවමින්,ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානි කළ සහ ශ්‍රී ලංකාව දඩයකට යටත් කළ පරිපාලනයේ සභාපති සහ ලේකම්ය.එම පරිපාලනයම එම දඩය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ලැබෙන පරිත්‍යාග මුදලෙන් කපා ගන්නා ලෙස දන්වා සිටීම නිසා එය ලංකාවේ රගර් ක්‍රීඩාවට බෙහෙවින් බල පෑ අතර අප අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් හෙළිදරව් කරමින් එයින් ලංකාවේ රගර් සංවර්ධනයට බාධා කළ සහ කීර්ති නාමයට හානි කළ පුද්ගලයන්ට නීතිමය පියවරක් ගන්නා ලෙස කරුණු ඉදිරිපත් කළේ මේ වන විට ආගමන විගමන ලොක්කා ද එම නීතිය උල්ලංඝණය කිරීම නිසා දඬුවම් විඳිමින් සිටියද මොවුන් සම්බන්ධයෙන් අඩුම තරමේ පරීක්ෂණයක් හෝ නොකර සිටින්නේ ඇයි ද යන්න විමසමින්ය.
ලංකාවේ රගර් ක්‍රීඩාව වත්මන් තත්ත්වයට පත් කිරීම ඇරඹෙන්නේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ආසියානු සභාපති හා එකගතාවයකට පැමිණ අසංග සෙනවිරත්නගෙන් යුත් උපදේශක සභාවක් පවතින පරිපාලනයට උඩින් පත් කිරීමෙන් පසුවය.ආසියානු සභාපති ගේ උවමනාවන් අනුව ලංකාවේ රගර් හසුරුවන්න යාම,එහි ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කිරීම නිසා ආසියානු සභාපතිගේ උදහසට ලක් වීම වැනි කාරණා දිගේ මේ මොහොත දක්වාම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රතිපත්ති හෝ එහි සැළසුම් සහ අදහස් නොවිමසමින් ආසියානු සභාපතිවරයා ජාත්‍යන්තර සබඳතා යොදා ගනිමින් ලංකාවේ රගර් ව්‍යවස්ථාව පවා වෙනස් කරන්නට බලපෑම් කරමින්,සිය රට ශ්‍රී ලංකාවට ඉදිරියෙන් තබා ගනිමින් ආසියානු රගර් හසුරුවාලීමේ යාන්ත්‍රණය පෙරට ගෙන යාමට තමන්ගේ ආවතේවකරුවන් ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනයට ගෙන ඒමට උත්සාහ දරමින් සිටින බව අපේ මතය වන්නේය.මේ සිඳුවෙමින් තිබෙන්නේ එම ඛේදවාචකයට දුර දිග නොසිතා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා අමාත්‍යවරයා විසින් විවේචනය කළ පරීක්ෂණ කළ යුතුය කී පුද්ගලයෙක්ද යන්නවත් සොයා නොබලා ආසියාවේ උවමනාවට අතුරු කමිටුවක් ගෙන ඒමය.
මේ සියලු සිඳුවීම්වලට බලපෑවේ ආසියානු සභාපති ඉදිරියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරු සහ නිලධාරීන් නිවට ලෙස හැසිරීම සහ ඔහුව පාවිච්චි වෙන සහ ඔහු විසින් පාවිච්චි කරන්න යෙදෙන ලංකාවේ පිරිසට එල්ල වී ඇති චෝදනා වෙනුවෙන් ක්‍රියා මාර්ගයක් නොගැනීමය.ඔලිම්පික් ලේකම්වරයාට කළ ආකාරයටම, මේ වන විට දඩ ගෙවීම සහ වගකීමෙන් කටයුතු නොකර රට අපකීර්තියට පත් කිරීම වෙනුවෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත ක්‍රීඩාවන්ට සම්බන්ධ වීම නවතා පරීක්ෂණයක් ආරම්භ කළේනම් අමාත්‍යංශ ලේකම්වරයා වැදගත් විදිහට ආසියානු බලතල සහිත බව කීව ද,නිවැරදි ආකාරයට කටයුතු සිඳු කළහොත් ඔහුට එහි සිටිය නොහැකි වනු ඇත.
කෙසේ හෝ රාජපක්ෂලාගේ පවුලේ බූදලය ලෙස තියා ගන්නට බැලූ රගර් ක්‍රීඩාව සඳහා ඔවුන් සිය යාන්ත්‍රණයේ නූල් අමුණා ආසියාවේ බලවත්තු අතට එය දී ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ ආධිපත්‍යය රාජපක්ෂ උවමනාවන් වෙනුවෙන්ම හසුරුවමින් සිටින බව මේ පත් කිරීම් හරහා පැහැදිළි වෙන්නේය.