දුවන්න පනින්න සහ වීසි කරන්න හොන්ඩා

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 24 ,(LNW)කොළඹ :

ලෝක මලල ක්‍රීඩා සංගමය මඟින් මෙහෙයවන ජාත්‍යන්තර ඉසව්වලදී නිල ප්‍රවාහන සහකරු ලෙස හොන්ඩා විද්‍යුත් වාහන එකතුවීමට නියමිතව ඇත.එසේම මාර්ග ධාවන තරගවලදී සහ වෙනත් මාර්ග ඉසව්වලදී ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රවාහනයට සහ විනිසුරුවන් ඇතුළු නිලධාරීන් ප්‍රවාහවයට ද හොන්ඩා යොදා ගැනීමට නියමිතය.

පසුගිය වසර කිහිපය තුළ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය වෙළද ආයතන සමඟ ඇති කර ගත් අනුග්‍රහ ගිවිසුම් සමඟ ආදායම් තත්ත්වය සියයට 25 න් පමණ ඉහළ ගොස් ඇති අතර මේ හොන්ඩා සත්කාරකත්වය ද ඒ ආකාරයට ගොඩ නැඟුණු අනුග්‍රාහක ගිවිසුමක් මත සිඳු වෙමින් ඇත.

හොන්ඩා මෝටර් සමාගම (හොන්ඩා) සමඟ ඇති කරගත් අනුග්‍රාහක ගිවිසුමේ කොටසක් ලෙස, ලෝක මලල ක්‍රීඩා අද (23) නව විදුලි SUV රථයක් වන හොන්ඩා e:Ny1 හඳුන්වා දීමේ දි එහි ආකෘතියක යතුරක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ වෙත භාර දීම සිඳු විය.
හොන්ඩා මෝටර් යුරෝපයේ සභාපතිගේ සහකාර කොටාරෝ ඉෂි සහ හොන්ඩා ප්‍රංශයේ අලෙවිකරණ අධ්‍යක්ෂ පෝල් කොලිග්නන් මෙම භාරදීම සඳහා සහභාගී වූහ.එම අවස්ථාවේදී සෙබස්තියන් කෝ රම ආකෘතියේ යතුර භාරගත් අවස්ථාවට අදාළ ඡායාරූපයක් මේ සමඟ දක්වා ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් සේවකයින් අදත් වැඩවර්ජනයේ

සටහන - රුවන් නෙළුගොල්ල තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප...

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...