ලංකේය කාන්තා කණ්ඩායම් තුනත්,පිරිමි කණ්ඩායම දෙකකුත් අවසාන පූර්ව වටයට පිවිසෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 26 ,(LNW)කොළඹ :

මීගමුව වෙරළ තීරයේ පැවත්වෙන මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර අතරට පැමිණීමට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ කාන්තා කණ්ඩායම් තුනටම හැකි විය.පිරිමි තරගවලදී අවසන් කණ්ඩායම් හතරට ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකක් පැමිණ ඇත.ඒ අනුව මීගමුව වෙරළේ සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව මේ තරගාවලියේ කාන්තා සහ පිරිමි සූරතා දෙකටම හිමිකම් කියන තත්ත්වයක පසුවීම වැදගත්ය.
මේ සම්බන්ධයෙන් මීගමුව වෙරළෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන ඇසෙන ප්‍රශංසා මෙන්ම මෙවර නිලවරණයේදී වොලිබෝල් පරිපාලන නායකත්වය අලුත් වීමේ අවශ්‍යයතාවයද,ක්‍රීඩා අමාත්‍යංශය පෙර පොරොන්දු වූ පරිදි පාලනය වෙනස් වීමෙන් පසුව ලබා දීමට පොරොන්දු වූ අනුග්‍රහය ලබා දීම මඟහැර සිටියේ වොලිබෝල් පරිපාලනයේ විපක්ෂයට සම්බන්ධ අයෙකු මුල් පුටුව හෙබවීම යන්න ද තැන තැන මතුව එන බව සැළවේ.එසේම ආණ්ඩු පාලනයෙන් පසුව මේ සම්බන්ධයෙන් දැන සිටි නිලධාරි මුනිවත රකිමින් එම අවශ්‍යයතාවය දේශපාලන අධිකාරියට නොදන්වා ආණ්ඩු පාක්ෂික බව පෙන්වන්න යාම නිසා අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුවම බව කියන කතා ද මීගමු වෙරළෙන් හමන සුළඟට මුසුව ගලා යන්නේය.


හෙට අවසාන පූර්ව වටයේ තරග වඳින කණ්ඩායම් හතරට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්ව සිටින කණ්ඩායම් අතරින් තවමත් අපරාජිතව සිටින්නේ ශ්‍රී ලංකා දෙවන කණ්ඩායම නියෝජනය කරන චතුරිකා මධුශානි සහ ශෙහානි අසංගාත් අංක තුන කණ්ඩායම නියෝජනය කරන වාසනා මධුමාලි සහ කසුනි කේෂලාත් ය.අංක එක කණ්ඩායම නියෝජනය කරන කසුනි තාරුකා දීපිකා බණ්ඩාර ද අවසාන තරගයට පිවිස සිටින්නේය.
ශ්‍රී ලංකා පිරිමි තෙවන කණ්ඩායම නියෝජනය කළ නලීන් පෙරේරාට සහ මධූෂ විකුමසිංහට අවසාන පූර්ව වටයට එන්නට අපොහොසත් විය. එහෙත් අංක එක කණ්ඩායමේ දිලීප චාමික සහ මලින් සිල්වා අපරාජිතව අවසාන පූර්ව වටයට පිවිස සිටින්නේය.අංක දෙක කණ්ඩායම නියෝජනය කරන සඳුන් මධුශංක සහ අංජන සංදීපන ද අවසාන පූර්ව වටයේ තරග වඳින්නේය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...