සුදත්තට එරෙහි මනූෂගේ නඩුව සමථයකට යන්න හදයි. කොන්දේසි ඉදිරිපත් කෙරේ

Date:

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව හිටපු හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ගොනුකර ඇති පෙත්සම අද (ජනවාරි 28) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න මහතා පෙනී සිටි අතර වග උත්තකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.

එහිදී දෙපාර්ශ්වය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා යෝජනා වී ඇති බවත් ඒ සඳහා වන කොන්දේසි දෙපාර්ශ්වය හුවමාරු කරගෙන ඇති බවත් ය.

ඒ අනුව සමථයට පත්වීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා නඩුව පෙබරවාරි 07 වනදා යළි කැඳවීමට නියම කර ඇති බව සඳහන්.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...