ශ්‍රී ලංකා මහබැංකුවේ තවත් තීරණයක්!

0
591

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහබැංකු මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඊයේ (28) පැවැති රැස්වීමේදී, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙනස් නොකර එලෙසම තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව එම පොලි අනුපාතිකය සියයට 8ක් ලෙස තවදුරටත් පවතිනු ඇති අතර, මහබැංකුව නිවේදනය කළේ, ආර්ථික වර්ධනය සහාය වෙමින් උද්ධමනය සියයට 5ක මට්ටමක ස්ථාවර කිරීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවයි.