තවත් නඩුවක් කල් යයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ (LNW):

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් මැයි මස 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය. එම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබුණි .

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ කැඳවනු ලැබ ඇත.

එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය අභියෝගයට ලක් කරමින් තම සේවාදායකයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව පැවසීය. ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා දීර්ඝ දිනයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණු බව සඳහන් වේ.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා මෙම නඩුව යළිත් මැයි මස 28 වනදා කැඳවීමට නියෝග කළ බව වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...