රේගුවෙන් සුබ ආරංචියක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ (LNW):

මේ වනවිට වරාය තුළ පවතින බහලුම් තදබදය ලබන මස තුන්වන සතිය වන විට සම්පුර්ණයෙන්ම අවසන් කළ හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි .

මේ වනවිට ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වරාය වෙත දෛනිකව පැමිණ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බැලීම සිදුකරන බව සඳහන් වේ.

මෙරටට වැඩිම බහලුම් ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙන් වන අතර ජනවාරි මස තුන්වන සතියේ පමණ සිට චීනයෙන් ආනයනය කරන බහලුම් තාවකාලිකව නැවතී තිබෙන අතර , ඊට හේතුවී ඇත්තේ චීනයේ නව අවුරුදු උත්සවය හේතුවෙන් මසක කාලයක් එරට කර්මාන්ත ශාලාවලට නිවාඩු ලබා දීමයි.

මේ අනුව, ශ්‍රි ලංකා රේගුව පවසන්නේ, මෙරටට ලැබෙන බහලුම් ප්‍රමාණය සැලකිය යුතු අඩු වීමක් පෙබරවාරි මස දෙවන සතිය දක්වා සිදුවන අතර එම කාලය තුළ පවතින බහලුම් තදබදය හැකි ඉක්මනින් අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...