මහා වැඩවර්ජනය : අද රෑ සිට දුම්රියත් නවතී …

Date:

දිවයිනේ වෘත්තීය සමිති 1000කට ආසන්න සංඛ්‍යාවක් විසින් හෙට (28) දිනයේදී පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයට එක්වෙමින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවන කටයුතු නතර කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

“දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනාගාර, කර්මාන්ත අංශ, මාර්ග අංශ, ඒ වගේම දුම්රිය කාර්යාල, පාලන කාර්යාල ආදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආයතන ගණනාවක්ම වැඩවර්ජනයට සම්බන්ධ වෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට (28) මධ්‍යම රාත්‍රිය දක්වා මේ එක්දින සංකේත වැඩවර්ජනය සාර්ථක කරගැනීම සඳහා මේ දුම්රිය සේවකයින් දායක වෙලා මැදිහත් වෙලා තියෙනවා. ඒ හින්දා හෙට දවසේ දුම්රිය ධාවන කටයුතු ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියන එක තමයි අපට කියන්න තියෙන්නෙ”

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා මේ බව පැවසුවේ අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...