“කෘතවේදීත්වයේ සත්කාරය” 13 වන වරටත් පල්ලේගම ද්විතීයික පාසලේදී!

කොළඹ LNW:තමන් අධ්‍යාපනය ලද පාසලේ වර්තමාන සිසු ගුරු සහ සෙසු සේවක ප්‍රජාවටද තමන්ටත් ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් ජීවත්ව සිටින ගුරු මව් පියවරුන්ට වාර්ෂිකව තිළිණ ප්‍රසාද ලබාදීමේ පූජ්‍යපාද පල්ලේගම විජිති හිමියන් විසින් දෙණියාය පල්ලේගම ද්විතීයික පාසලේ ක්‍රියාත්මක කරන “කෘතවේදීත්වයේ සත්කාරය” වැඩසටහනේ දහතුන්වන වාර්ෂික වැඩසටහන පසුගියදා (23) පල්ලේගම ද්විතීයික (ජාතික ) පාසලේ පැවැත් වුණි.

ඉන්දියාවේ නවදිල්ලි ශ්‍රී ලංකා වන්දනා නිකේතනයේ පරිපාලන ලේකම් , රජගහනුවර වේළුවනාරාමය, කොළඹ රාජගිරිය ධර්මාශ්‍රාමය යන උභය විහාරාධිපති හා ඉන්දියාවේ ආනන්ද බෝධි සංගමයේ උපසභාපති පූජ්‍යපාද පල්ලේගම විජිත හිමිපාණන් විසින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන 2012 වසරේ සිට අඛණ්ඩව පැවැත්වුණි.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ සුවිශේෂ කාරණය වන්නේ පාසලේ ඉගෙනුම ලබන සෑම දරුවෙකුටම සමාන ත්‍යාග කට්ටලයක් ලැබීම සහ ඒ ඒ විෂය සමගාමී දක්ෂයන්ට සුවිශේෂ තෑගි ලැබීමයි. ඉගෙනුම ලබන සෑම දරුවෙකුටම ත්‍යාගයක් අනිවාර්යෙන්ම ලැබෙන ලංකාවේ පවත්වන එකම වාර්ෂික පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය බව මෙහි දී ප්‍රකාශ කෙරිණ.

එසේම තමන්ට අකුරු කියාදුන් ගුරු මෑණි පියවරුද එම ස්ථානයට කැඳවා විශේෂ ගුරු පූජා ප්‍රසාද තිළිණ පිරිනැමීම ද පල්ලේගම විජිත හිමියෝ මේ වසර දහතුන තුළ අඛණ්ඩව සිදු කළහ.

ඊට අතිරේකව මෙම විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට යන සෑම දරුවෙකුටම විශේෂ ත්‍යාග පිරිනැමීම ද උන් වහන්සේ අඛණ්ඩව සිදු කර ඇත.

ඒ අනුව මෙවර, පල්ලේගම ද්විතීයික පාසලේ අධ්‍යාපන ලබන දරු දැරියන් 800 ට ද පසුගිය වසරේ සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලද සිසු සිසුවියන් හය දෙනෙකුටද විෂය දක්ෂයන්,ශිෂ්‍ය භට, ක්‍රීඩා,නර්තන,චිත්‍ර,ගායන හා සංගීත,සිංහල ඉංග්‍රීසි සහ දමිළ භාෂා තරග, පරිසර නියමු භට,ශිෂ්‍ය භට,නව නිපැයුම් තරග,සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා මාධ්‍ය තරග වැනි විවිධ විෂය හා විෂය පරිබාහිර ක්ෂේත්‍ර ආශ්‍රිතව විශේෂ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් (225) දෙසීය විසි පහකට සහ කණ්ඩායම් තරග ජයග්‍රහණය කළ කණ්ඩායම් දහයකටද මෙහි දී සුවිශේෂ ත්‍යාග ප්‍රදානය සිදු කෙරිණ.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ෂාන් වීරසේකර මහතා සිදු කළේය.මෙම උත්සවයට ගරුතර මහා සංඝරත්නය ද මාස්ටර් ගයිඩ් ආයතනයේ සභාපතිනි දිස්නා වනිගසේකර මහත්මිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය,විදුහල්පතිනි එම්.බී.සුජීවා මහත්මිය, විදේශ බෞද්ධ වන්දනා ගමන් සංචාරක සංගමයේ ලේකම් මහේන්ද්‍ර හල්ලොළුව මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...